×

වායු දුෂණය හේතුවෙන් වසරකට මිලියන 5ක් මිය යයි

මෙම දත්ත 2030 සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක සහ 2050 සඳහා දේශගුණ මධ්යස්ථභාවයේ අභිලාෂය හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනා කරන ලද පිරිසිදු, පුනර්ජනනීය බලශක්තියේ කොටස වැඩි කිරීමට ද සහය වනු ඇති බවටයි BMJ සමූහය අපේක්ෂා කරන්නේ,


ෆොසිල ඉන්ධන භාවිතයෙන් සිදුවන වායු දූෂණය නිසා සෑම වසරකම ලොව පුරා මිලියන 5 කට අධික ජනතාවක් මිය යන බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයට අයත් වෛද්‍ය සඟරාවක් වන BMJ සමූහය විසින් ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ වාර්තාවකින් හෙළි දරවු වී තිබේ.

2019 වසරේ දී සියලුම ප්‍රභවයන් මත පදනම්ව එළිමහන් වායු දූෂණය හේතුවෙන් ලොව පුරා ඇස්තමේන්තු කර ඇති සමස්ත මරණ මිලියන 8.3 අතරින් 61% ට පොසිල ඉන්ධනවලින් සිදුව තිබේ. මේ අනුව, ඩුබායි හි Cop28 දේශගුණ සමුළුවට සමගාමිව මෙම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නව ක්‍රියාමාර්ග ගැනීමට ලෝක නායකයින්ට පීඩනය වැඩි කරනු ඇත.

පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ ෆොසිල ඉන්ධන වලින් පිරිසිදු, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත මාරුවීම මඟින් වායු දූෂණයෙන් බොහෝ ජීවිත බේරා ගැනීමට සහ ගෝලීය උණුසුමට එරෙහිව සටන් කිරීමට හැකි වන බවයි.

මෙම දත්ත 2030 සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක සහ 2050 සඳහා දේශගුණ මධ්යස්ථභාවයේ අභිලාෂය හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනා කරන ලද පිරිසිදු, පුනර්ජනනීය බලශක්තියේ කොටස වැඩි කිරීමට ද සහය වනු ඇති බවටයි BMJ සමූහය අපේක්ෂා කරන්නේ,

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි