×

රෆා නගරයට ගුවනින් ප්‍රහාර!

මෙම ප්‍රහාර දිගින් දිගටම එල්ල වන්නේ, මිලියන 1.5 ක ජනතාවක් රැඳී සිටින නගරය තුළ ඊශ්‍රායලය සැලසුම් කර ඇති ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති පසුබිමකයි.


සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 12 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසාහි රෆා නගරයට තවදුරටත් ගුවන් ප්‍රහාර රැසක් එල්ල වී තිබෙන බව , පලස්තීන රතු අඩසඳ සංවිධානය පවසයි.

එම ප්‍රහාර වලින් ජීවිත හානි රැසක් වාර්තා වී ඇති බවද ඔවුන් පවසයි.

මෙම ප්‍රහාර දිගින් දිගටම එල්ල වන්නේ, මිලියන 1.5 ක ජනතාවක් රැඳී සිටින නගරය තුළ ඊශ්‍රායලය සැලසුම් කර ඇති ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති පසුබිමකයි.

පලස්තීන භූමියේ දකුණු දිග ප්‍රදේශයේ වැසියන්ට ආරක්ෂිතව ගමන් කළ හැකි තැනක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත.

මේ අතර ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් ඊශ්‍රායල අගමැතිවරයාට කියා සිටියේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට පියවර නොගෙන රෆාහි මිලිටරි මෙහෙයුමක් සිදු නොවිය යුතු බවයි.

කෙසේ වෙතත් ඒ පිළිබඳ සැලැස්මක් සකස් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය  නෙතන්යාහු  අවධාරනය කර ඇති බවද පැවසේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි