×

අලිබබා “Ma’s Kitchen” අරඹයි

"Ma's Kitchen" හි ලියාපදිංචි ප්‍රාග්ධනය යුවාන් මිලියන 10 (ඩොලර් මිලියන 1.4)ක් වේ.


Alibaba නිර්මාතෘ චීනයේ වඩාත්ම ප්‍රසිද්ධ තාක්‍ෂණ ප්‍රකෝටිපතියාවන ජැක් මා “Ma’s Kitchen” නමුන් නව සමාගමක් පිහිටුවා ඇති බව වාර්තා වේ.

මෙය “Hangzhou Ma’s Kitchen Food” ලෙස හඳුන්වා දී ඇති අතර මෙමගින් පෙර-ඇසුරුම් කළ ආහාර විකිණීම, ආනයන සහ අපනයන සහ “ආහාරයට ගත හැකි කෘෂිකාර්මික නිෂ්පාදන” විකිණීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

“Ma’s Kitchen” හි ලියාපදිංචි ප්‍රාග්ධනය යුවාන් මිලියන 10 (ඩොලර් මිලියන 1.4)ක් වන අතර නව සමාගම එහි ව්‍යාපාර ආකෘතිය හෝ එය විකුණන්නේ කුමන ආකාරයේ ආහාරද යන්න පිළිබඳ විස්තර හෝ වැඩිදුර විස්තර ප්‍රසිද්ධියේ සපයා නොමැත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි