×

තිරිසන් ලෝකයේ පුදුමාකාර දඩයක්කාරයෝ

සත්ව ලෝකයේ අසාමාන්‍ය තාක්ෂණයක් යොදාගෙන දඩයම් කරන සතුන් දස දෙනෙකු පිළිබඳ කෙටි විස්තරයකි, මේ.


1. ඔර්කා තල්මසුන් ආර්ජන්ටිනාව අසල මුහුදේ කල්ලි ගැසී සීල් මසුන් දඩයම් කරන බව සොයාගෙන තිබේ. වාර්ෂිකව එකම තැනකට පැමිණෙන උන්, සීල් මසුන් වෙරළේ රැස් වන තෙක් නිසොල්මනේ සිට, අඩියක්වත් ගැඹුරු නැති වෙරළට කඩා වැද දඩයම සිදුකරයි.

Orca Whales| telegraph.co.uk

2. කැරිබු වර්ගයේ මුවන් ලක්ෂ ගණනින් සංක‍්‍රමණය වන විට වෘකයන් උන් පසුපස හඹා යන්නේ බාලවයස්කරුවන් සංක‍්‍රමණ කණ්ඩායමෙන් කඩා ඉවත් කිරීම සඳහා ය. උන් පැටවුන්ව එසේ වෙන් කර ගෙන කිලෝමීටර දහයක් පමණ දුර එළවාගොස් තනිකර මරා දමයි.

Caribou | Around the World: One Journey at a Time

3. ඇමරිකානු පතොක් කැලෑවල ජීවත් වන හැරිස් උකුස්සන් (Harris Hawk) ද සමූහවාසී ලෙස දඩයමේ යන්නන්ය. එක් කණ්ඩායමක සය දෙනෙක් පමණ වෙති. කිහිප දෙනෙක් පතොක් ගස් යට සිටින හාවුන් වැනි කුඩා සතුන් ව කලබල කර එළියට ගන්නා විට සෙස්සෝ පැමිණ දඩයම පටන් ගනිති.

Harris Hawk | Woburn Safari Park

4. පිරිමි චිම්පන්සීහු සතුරු චිම්පන්සි කල්ලිවල කුඩා දරුවන් ව මරා මස් කති. සාමාන්‍යයෙන් චිම්පන්සීන් ශාක භක්ෂක නමුත් උන් 3% ක පමණ ප‍්‍රතිශතයක් ස්වජාති භක්ෂණයේ ද යෙදෙති. සමහරු සිත් ගත් ළඳුන් සමග එක්වීම සඳහා ලිංගික අල්ලස් ලෙස ද මස් තෑගි කරති.

Chimpanzee | San Diego Zoo Animals

5. ට‍්‍රැප් ඩෝ වර්ගයේ මකුළුවන්, මකුළු දැල් ලෙස ස‍්‍රාවය කරන්නේ සේද නූල් වර්ගයකි. එහි සුමුදු සුදු පැහැය මාරාන්තික යැයි කිසිම ගොදුරක් සැක කරන්නේ නැත.

Trapdoor Spider | coasttocactus.sdnhm.org

6. නයිල් කිඹුලන් ඉතා දියුණු සංවේදක පද්ධතියකින් යුතු ය. ජලයේ සැඟවී කම්පන සංවේදක අනුව දඩයමේ යෙදෙන උන් ට මිලිතත්පර 50 ක් ඇතුළත ගොදුරක් සම්පූර්ණයෙන්ම ගිල දැමීමට පුළුවන.

The Nile Crocodile in the Everglades | Captain Mitch’s Airboat Tours

7. සෙක‍්‍රටරි වර්ගයේ කුරුල්ලන්ට ඉතා විෂඝෝර සර්පයන් ව පවා මරාදැමීමේ හැකියාව ඇත. එසේ කරන්නේ දෂ්ට කිරීමට බලා සිටින සර්පයාව නොකඩවා පොළොවේ ගැසීම මගිනි.

Secretary Bird Hunting | AnimalSpot.net

8. ගොපළු මකුළුවන් සලබයන් දඩයම් කරන්නේ සේද නූල්වලට ග්ලොබියුල් වර්ගයේ ඇලෙනසුලූ ස‍්‍රාවයක් එක් කර තැබීමෙනි. එවිට ගැහැනු සලබලන්ගේ ෆෙරමෝන ක්‍රියාකාරිත්වය මගින් උන් ඒ වෙතට ආකර්ෂණය වේ.

The Cowboy Spider | Look and Learn

9. කෙන්යානු ගන වනයේ චීටා සහෝදරයන් තිදෙනා බැගින් කණ්ඩායම් ගැසී සිටින්නේ පැස්බරුන් දඩයම් කිරීම සඳහා ය. ලෝකයේ කිසිම ස්ථානයක මේ දඩයම් උපක‍්‍රමය දැකගත නොහැක.

One band of brothers has developed a taste for ostrich | Carnivora

10. බෝතල් හැඩයේ ඩොල්ෆින් මසුන් ෆ්ලොරිඩා බොක්කේ දඩයමේ යන්නේ සිය අවුල්පත් වලින් මඩ ජලාශයක් බිහි කරමිනි. කුඩා මසුන්ට එයින් බේරීමක් නැත.

Photograph by Brian Skerry | In Florida Bay bottlenose dolphins have invented a unique way of hunting
Pinterest | Source: National Geographic



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි