×

ඉතියෝපියාවේ අපූරු විවාහ මංගල්‍යය!

මෙම සමුහ විවාහ උත්සවයේ දී විවාහ වීමට පැමිණි පිරිස් සාම්ප්‍රධායික ඉතියෝපියා සුදු ඇදුමින් සැරසී සිටි අතර සාම්ප්‍රධායික නර්තනයන් හා ගායනයන් සිදුකරන ආකාරය මාධ්‍ය වාර්තා කළේය.


සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 17 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉතියෝපියාවේ පැවති සමුහ විවාහ උත්සවයක දී සිය ගණනක පිරිසක් යුග දිවියට එළඹ ඇති බව වාර්තා වේ.

සංවිධායකයින් පවසන්නේ, පසුගිය දා ඉතියෝපියාවේ දී පැවති සාම්ප්‍රධායික සමුහ විවාහ උත්සවය සදහා යුවළ සිය ගණනක් සහභාගී වු අතර, දශකයකට පමණ පසු ඉතියෝපියාවේ පැවති පළමු සමුහ විවාහ උත්සවය ලෙස ද මෙය සැලකෙන බවයි.

මෙම සමුහ විවාහ උත්සවයේ දී විවාහ වීමට පැමිණි පිරිස් සාම්ප්‍රධායික ඉතියෝපියා සුදු ඇදුමින් සැරසී සිටි අතර සාම්ප්‍රධායික නර්තනයන් හා ගායනයන් සිදුකරන ආකාරය මාධ්‍ය වාර්තා කළේය.

ඉතියෝපියාවේ සෑම පළාතකින්ම මෙම සමුහ විවාහ උත්සවයට පිරිස් පැමිණීම හේතුවෙන් ඔවුන් එකිනෙකාට ආවේණික සාම්ප්‍රධායික ලක්ෂණයන් දක්නට ලැබීම විශේෂත්වයක් වී තිබූ බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වුවද මෙම සමුහ විවාහ උත්සවයේ දී කෙතරම් පිරිසක් යුග දිවියට පිවිසියේ ද යන්න සම්බන්ධයෙන් නිල වශයෙන් අනාවරණය කර නැති බවද පැවසේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි