×

A to Z හැම දෙයක්ම විකුණන ඇමසන් සමාගම, සජීවී නත්තල් ගස් වෙළඳාමට දැන්මම සූදානම්

මේ වසරේ නත්තල වෙනුවෙන් සජීවී නත්තල් ගස් විකිණීමට සහ deliver කිරීමට සුප්‍රකට Amazon සමාගම සූදානම් වෙනවා.


ඇමසන් සමාගමේ වත්කම ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක්. ලෝකයේ ලොකුම කෝටිපතියා වන්න්තේ ඇමසන් සමාගමේ හිමිකරු ජෙෆ් බෙසොෆ්. මේ සමාගම මේ වසරේ නත්තල් බිස්නස් එක සඳහා දැන් පටන්ම සියල්ල සැලසුම් කර හමාරයි. ඒ අනුව මල්, නත්තල් තෑගි භාණ්ඩවල පටන් අඩි දෙකේ සිට අඩි 7 දක්වා උස නත්තල් ගස් ඔවුන්ගේ නත්තල් භාණ්ඩ ලැයිස්තුවේ අන්තර්ගතයි. නත්තල් ගස් සඳහා ප්‍රසිද්ධ නෝෆෝක් දූපත්වලින්ම එම නත්තල් ගස් කපා ගෙන එන බවත් ඔවුන් සඳහන් කරනවා.

නත්තල් ගසක් වගේ දෙයක් ඇණවුම් කළ පමණින් එය බෙදා හැරීම ලෙහෙසි නැහැ. විශේෂයෙන්ම ලොව පුරා ඔවුන්ගේ සේවා ජාලය පැතිරී තිබෙන නිසා ලෝකයේ ඕනෑම පාරිභෝගිකයෙකුට මේ සේවාව ලබාගන්නට පුළුවන්ද වැනි ප්‍රශ්න මතු වෙනවා. එයට පිළිතුරු දෙමින් ඇමසන් සමාගම කියන්නේ, ඇතැම් නත්තල් ගස් නැව්ගත කිරීමට සුදුසුකම් සපුරාලන බවයි. ඒ අනුව ඇමසන් වෙබ් අඩවියේ ඩොලර් 119 ක වාර්ෂික සාමාජිකත්වය ගත් අයෙකුට දින දෙකක් ඇතුළත නැව් මගින් නත්තල් ගස ගෙන්වා ගන්නට පුළුවන්.

කොහොම වුණත් මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබාගත යුත්තේ නත්තල ආසන්න කාලයේදී ඔවුන්ගේ වෙබ් අඩවියෙන්.

පසුගිය වසරේත් නත්තලට ඇමසන් සමාගම, අඩි 3 ක් දක්වා උස නත්තල් ගස් අලෙවි කිරීමට සමත් වුණා. තෙවැනි පාර්ශවයේ වෙළෙන්දන් හට ඊට වඩා විශාල නත්තල් ගස් ද ඔවුන් අලෙවි කළා. නමුත් අඩි 7 ක් දක්වා උස, අති දැවැන්ත නත්තල් ගස් අලෙවි කරන පළමු අවස්ථාව මෙයයි. එයට අමතරව සුපුරුදු ආකාරයටම කෘතිම නත්තල් ගස් ඔවුන් මෙවරත් අලෙවි කරනවා.

ලෝකයේ නත්තල් ගස් වෙළඳපොළ පවත්වාගෙන යන්නේ කුඩා සමාගම් විසින්. ඉතින්, ඇමසන් වැනි අති දැවැන්තයෙකුගේ ආගමනය, අනිවාර්යයෙන්ම ඔවුන්ට අභියෝගයක් විතරක් නෙවෙයි, විනාශයකුත් වේවි. කොහොම වුණත් ඇමරිකාවේ ජාතික නත්තල් ගස් සම්මේලනය නම්, මේ වන විටත් ඇමසන් සමාගමේ මැදිහත් වීම සාදරයෙන් පිළි අරන්.

ඇමරිකාවේ ජාතික නත්තල් ගස් සම්මේලනය පසුගියදා නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකට අනුව එක් පාරිභෝගිකයෙක් දළ වශයෙන් නත්තල් ගසක් සඳහා ඩොලර් 74ක් නොමසුරුව වැය කරනවා.

ඇමසන් සමාගමේ ලෝගෝ එක දිහා සැලකිල්ලෙන් බැලුවොත්, ඔබට පෙනේවි, A අකුරේ සිට Z අකුර දක්වා ඊතලයක් තිබෙන බව. එහි අදහස ඔවුන් A to Z හැම දෙයක්ම විකුණනවා කියන එකයි. මෙදා පාර නත්තලේදී ඒ බව ඔවුන් තවදුරටත් සැබෑවක් කරනවා.

– CNNMoney (New York) ඇසුරෙනි.

 

ඇමසන් සමාගමේ සාර්ථකත්වයේ රහස  මෙතැනින් කියවන්න…

ලෝකයේ ලොකුම ධනවතා – ඇමසන් හි ජෙෆ් බෙසොෆ්

අසමත් බවට සමුදුන් ලොව අංක එකේ  කෝටිපතියා ජෙෆ් බෙසොෆ්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි