×

TIKTOK , STOP වෙන ඇමෙරිකාව!

සෙනට් මණ්ඩලය විසින් ටික්ටොක් යෙදවුම ඇමෙරිකාව තුළ තහනම් කිරීමට අනුමැතිය ලබා දී ඇත.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෙනට් මණ්ඩලය විසින් ටික්ටොක් යෙදවුම ඇමෙරිකාව තුළ තහනම් කිරීමට අනුමැතිය ලබා දී ඇත.

ලොවපුරා අතිශය ජනප්‍රිය යෙදවුමක් ලෙස සැලකෙන ටික්ටොක් යෙදවුම චීන හිමිකාරීත්වය යටතේ පවතින අතර, ඇමෙරිකා සෙනට් මණ්ඩලය අනුමත කළ නව පනත හරහා ටික්ටොක් යෙදවුම ඇමෙරිකාව තුළ භාවිතය තහනම් කිරීමේ බලය හිමිව ඇත.

එසේ නොවීමට නම් ටික්ටොක් යෙදවුමේ ඇමෙරිකා හිමිකාරීත්වය චීනයෙන් පරිබාහිර පාර්ශවයකට පැවරිය යුතුයි. අදාළ පනත මේ වන විට ඇමෙරිකා ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බව ද සඳහන් වන අතර, එයට ඔහු අත්සන් තැබු වහාම එය නීතියක් ලෙස ක්‍රියාත්මක වන බව එරට මාධ්‍ය පවසයි.

ටික්ටොක් සමාගමේ ඇමෙරිකා හිමිකාරීත්වය වෙනත් පාර්ශවයටක පැවරීමට නම් අදාළ සමාගම ඊට චීන බලධාරීන්ගේ අනුමැතිය ලබාගත යුතු අතර, ඇමෙරිකාවේ මෙම ක්‍රියාවලිය සඳහා චීනය දැඩි විරෝධය පළ කරන බව පැවසේ.

නීතිමය රාමුව තුළ තමන්ට හිමිව ඇති අයිතීන් අනුව අඛණ්ඩව සමාගමේ කටයුතු සිදුකරන බව , ටික්ටොක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සඳහන් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි