×

මුඛ ආවරණ පැළදීම ප්‍රතික්ෂේප කළ ගුවන් මඟියෙකු ඇමරිකානු ගුවන් සේවයට අයත් ගුවන්‍ යානකින් පන්නයි!

සඳුදා ඇමරිකානු ගුවන් සේවය "පාරිභෝගික මුඛ ආවරණ සඳහා වඩා ශක්තිමත් ප්‍රතිපත්තියක්" ප්‍රකාශයට පත් කළේය.මුඛ ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කළ ගනුදෙනුකරුවන්ට ගුවන් යානයට ඇතුළු වීමට ඉඩ නොදෙන අතර අනාගත ගමන් ද තහනම් වනු ඇත.


කොවිඩ් -19 ආරක්ෂණ ප්‍රතිපත්තියට අනුකූලව මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇමරිකානු ගුවන් සේවයට අයත් ගුවන්‍ යානයක ගමන් ගැනීමට සූදානම් ව සිටි මගියෙකු ගුවන් යානයකින් ඉවත් කිරීමට ගුවන් යානා කාර්‍ය මණ්ඩලය කටයුතු කර තිබේ.

නිව්යෝක් සිට ටෙක්සාස් හි ඩලස් දක්වා ගමන් කරන 1263 ගුවන් යානයේ ගමන් ගත් බ්‍රැන්ඩන් ස්ට්‍රකාට ගුවන් යානා කාර්‍යමණ්ඩලය විසින් මුඛ ආවරණයක් පැළඳීමට නියම කර ඇත. ස්ට්‍රකා මහතා එය ප්‍රතික්ෂේප කළ විට ඔහුට ගුවන් යානයෙන් ඉවත්ව යන ලෙස දැනුම් දුන් බව ගුවන් සමාගම පවසයි.

ගුවන් යානයේ මුහුණු ආවරණයක් පැළඳීමට අවශ්‍ය යැයි පවසන නීතියක් නොමැති බව ස්ට්‍රකා මහතා පවසා ඇත.

“මුඛ ආවරණයක් පැළඳ නොසිටීම නිසා මාව මගේ ගුවන් යානයෙන් ඉවත් කළා. මෙය සිදුවුණේ පළමු වතාවටයි. මෙය ෆෙඩරල් නීතියක් ද නොවේ,” ස්ට්‍රකා මහතා නිව්යෝක්හි ලාගාර්ඩියා ගුවන් තොටුපළේ සිට ට්වීට් කළේය.

ඇමරිකානු ගුවන් සේවය පැවසුවේ “ගනුදෙනුකරුවන් සඳහා මුහුණු ආවරණ තවදුරටත් අවශ්‍ය නොවන තෙක්” ස්ට්‍රකා මහතාට ඇමරිකානු ගුවන් සේවය සමග ගමන් කිරීම තහනම් කළ බවයි. වසංගතය අතරතුර කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම අවම කිරීම සඳහා මුඛ ආවරණ භාවිතාය අනිවාර්‍ය කිරීමට ලොව පුරා ගුවන් සේවා තීරණය කර ඇත.

එක්සත් ජනපද ගුවන් ගමන් සඳහා මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කරන ෆෙඩරල් නීතියක් නොමැති අතර, එක්සත් ජනපදයේ සියලුම ප්‍රධාන ගුවන් සමාගම් මැයි මැද සිට මගීන් සහ කාර්ය මණ්ඩලය සඳහා මුඛ ආවරණ නීති ක්‍රියාත්මක කරමින් සිටී. සඳුදා ඇමරිකානු ගුවන් සේවය “පාරිභෝගික මුඛ ආවරණ සඳහා වඩා ශක්තිමත් ප්‍රතිපත්තියක්” ප්‍රකාශයට පත් කළේය.මුඛ ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කළ ගනුදෙනුකරුවන්ට ගුවන් යානයට ඇතුළු වීමට ඉඩ නොදෙන අතර අනාගත ගමන් ද තහනම් වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි