×

බෙංගාල බොක්කේ දරුණු සුළි සුළඟක් වර්ධනය වෙයි

මේ වන විට බෙංගාල බොක්කේ දැඩි බලපෑම් සහගත සුළි සුළඟක් වර්ධනය වෙමින් පවතියි.


මෙය ඉන්දියාවට සහ බංග්ලාදේශයට විශාල බලපෑමක් ඇති කිරීමට නියමිත බව පැවසුණත්, චන්ද්‍රිකා ඡායාරූප ආකෘතිවලින් පෙනී යන්නේ ලංකාව ට ද එහි බලපෑමක් පවතින බවයි.

දින කිහිපයක් මුළුල්ලේ වර්ධනය වෙමින් පවතින මෙම සුළි සුළඟ ලබන සතියේදී ක්‍රියාත්මක භාවයට පත් වනු ඇතැයි සැලකේ.

මෙය නම් කර තිබෙන්නේ අම්ෆාන් -Amphan යනුවෙනි.

අම්ෆාන්, මේ වසරේ කලාපීය සුළි කුණාටු පොකුරේ ආරම්භක සාමාජිකයෙකි.

වසරේ පළමු සුළි කුණාටුව බ්‍රහස්පතින්දා රාත්‍රියේ පිලිපීනයට කඩා වැදුණු අතර, මේ සති අන්තයේ එනම් අද දිනයේ, අත්ලාන්තික් සාගරයේ හටගත් පළමු සුළි කුණාටුව බහමාස් දූපත වෙත කඩාවැදීමට නියමිත ය.

බෙංගාල බොක්ක පිහිටා තිබෙන ඊශාන දිග ඉන්දියන් සාගරයේ අප්‍රේල්-ජූනි සහ ඔක්තෝබර්-නොවැම්බර් කාලය තුළ සුළි කුණාටු වර්ධනය වීමේ අවදානම අධික ය.

පසුගිය දිනවලදී ඉන්දීය සාගරයේ බෙංගාල බොක්කේ මතුපිට ජල තීරය අතිශය උණුසුම් ලෙස පැවති අතර, අම්ෆාන් සුළි සුළඟට බලවත් හරිකේන් කුණාටුවක් දක්වා වර්ධනය වීමට අවශ්‍ය තත්වයන් එමගින් පහසුවෙන් සැපයෙනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි