×

අනියම් පෙම ඇගේ කිරුළ ගළවා දමයි!

කැරොලිනා ෂිනෝ නමැති 26 හැවිරිදි එම තරුණියගේ අනියම් ඇසුර එරට ටැබ්ලොයිඩ් පුවත්පතකින් පසුගියදා හෙළි කර තිබූණි,


සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 07 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැරොලිනා ෂිනෝ නමැති 26 හැවිරිදි එම තරුණියගේ අනියම් ඇසුර එරට ටැබ්ලොයිඩ් පුවත්පතකින් පසුගියදා හෙළි කර තිබූ අතර, ඒ අනුව ජපානයේ රූ රැජන ලෙස පසුගියදා තේරී පත් වූ යුක්රේන සම්භවයක් සහිත එම තරුණිය විවාහකයකු සමඟ අනියම් ඇසුරක් පවත්වමින් සිටින බව තහවුරු වීමෙන් ඇගේ කිරුළ ආපසු භාර දීමට සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෂුකාන් බුන්ෂුන් නමැති එම ටැබ්ලොයිඩ් පුවත්පත සඳහන් කර ඇත්තේ කැරොලිනා ෂිනෝ ජපානයේ විවාහක වෛද්‍යවරයකු සමඟ අනියම් ඇසුරක් පවත්වමින් සිටින බවය.

එම චෝදනාව පිළිබඳ අදාළ වෛද්‍යවරයා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම පුවත අනාවරණය වීමත් සමඟ ඇයට සහාය පළ කරමින් රූ රැජන තරගයේ සංවිධායක මණ්ඩලය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම පුද්ගලයා විවාහකයකු යැයි ඇය නොදැන සිටි බවය.

එහෙත් පෙරේදා ( 05) නැවත ප්‍රකාශයක් සිදු කරමින් සංවිධායක මණ්ඩලය සඳහන් කර ඇත්තේ ඔහු විවාහකයකු යැයි ඇය දැන සිටි බවය.

අනතුරුව ඇය ජනතාවගෙන් සමාව අයැද සිටි අතර, රූ රැජන කිරුළ නැවත ලබාගැනීමට පියවර ගෙන තිබේ. මෙවර රූ රැජන තරගයේ අනුශූරියන් කිහිපදෙනකු සිටිය ද වසර අවසානය දක්වා ජපාන රූ රැජන කිරුළ හිස්ව තැබීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි