×

ඉන්දුනීසියාවේ රිච්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූ කම්පනයක්

ද්‍රව්‍යමය අලාභහානි පිළිබඳ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.


සටහන – සශිකලා මධුෂාණි ජනවාරි 09,


ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථාන (NCS) වාර්තාවන්ට අනුව, අද(09) උදෑසන ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ 6.7 ක ප්‍රබල භූමිකම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙය තලවුඩ් දුපතේ කිලෝමීටර් 80ක් ගැඹුරින් සිදු ව ඇති අතර ද්‍රව්‍යමය අලාභහානි පිළිබඳ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.

මිට අමතරව, පසුගිය සතියේ බ්‍රහස්පතින්දා(03)ද තවත් භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ Balai Pungut හි කිලෝමීටර් 98 ක් දුරින් රිච්ටර් මාපකයේ වාර්තා ව තිබු බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) සඳහන් කර තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි