×

Portsmouth ප්‍රදේශයේ බැල්කනියකින් වැටී මරු තුරුළට ගිය සිඟිත්තිය!

Portsmouth හි බැල්කනියකින් වැටී අට හැවිරිදි දැරියක් මිය ගොස් තිබේ. දරුවන් නොසලකා හැරීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බව හැම්ප්ෂයර් පොලිසිය පවසයි. විමර්ශන සඳහා පොලිසිය සහ පරිපූරක වෛද්‍යවරුන් ඊයේ(බ්‍රහස්පතින්දා) දින සවස 6.50 ට පමණ නගරයේ වින්ග්ෆීල්ඩ් වීදියට කැඳවන ලදී. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ දැරියගේ පවුලේ අයට මේ සම්බන්ධව දැනුම් දී ඇති අතර අත්අඩංගුවට ගත් 43 […]


Portsmouth හි බැල්කනියකින් වැටී අට හැවිරිදි දැරියක් මිය ගොස් තිබේ.

දරුවන් නොසලකා හැරීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බව හැම්ප්ෂයර් පොලිසිය පවසයි. විමර්ශන සඳහා පොලිසිය සහ පරිපූරක වෛද්‍යවරුන් ඊයේ(බ්‍රහස්පතින්දා) දින සවස 6.50 ට පමණ නගරයේ වින්ග්ෆීල්ඩ් වීදියට කැඳවන ලදී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ දැරියගේ පවුලේ අයට මේ සම්බන්ධව දැනුම් දී ඇති අතර අත්අඩංගුවට ගත් 43 හැවිරිදි කාන්තාව ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා සවස 6.50 ට පෝර්ට්ස්මූත් හි වින්ග්ෆීල්ඩ් වීදියේ බැල්කනියකින් දරුවෙකු වැටී ඇති බවට ඇය වාර්තා කල බව ද පැවසීය.

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි