×

VOLODYMYR ZELENSKY ගෙන් හදිසි ආයාචනයක්!

මෙම ආයුධ හිඟය නිසා වාසිදායක තත්ත්වයක් ලැබෙන බව Zelensky ජර්මනියේ ජාත්‍යන්තර සමුළුවකදී කියා සිටියේය.


සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 18 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේනය පත්ව තිබෙන ව්‍යසනකාරී තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා තවත් ආයුධ සඳහා යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky විසින් හදිසි ආයාචනයක් කර ඇථි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ආයුධ හිඟය නිසා වාසිදායක තත්ත්වයක් ලැබෙන බව Zelensky ජර්මනියේ ජාත්‍යන්තර සමුළුවකදී කියා සිටියේය.

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව යුක්‍රේනයේ සටනට සහාය දීමට අමෙරිකාව කැපවී සිටින බව ජනාධිපති Joe Biden විසින් යුක්‍රේන ජනාධිපති Zelensky හට සහතික වූ බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කර තිබෙන බව සඳහන් වේ.

ජනාධිපති Biden පූර්ණ සහයෝගය ලැබීම ගැන තමා කෘතඥ වෙනවා යැයි පැවසූ ඔහු, යුක්‍රේනය සඳහා ඇනහිට ඇති ආධාර පැකේජයක් අනුමත කිරීම සම්බන්ධයෙන් කොන්ග්‍රසය ඉක්මන් තීරණයක් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද පවසා ඇත.

එක්සත් ජනපද උප ජනාධිපති Kamala Harris මීට පෙර Kyiv වෙත සහයෝගය ලබා දෙන බවට නැවත නැවතත් සහතික කර තිබුණු බව සඳහන් වේ.

Kamala Harris

යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, මෙම ආයුධ ලැබීමට සිදුවී ඇති ප්‍රමාදය මධ්‍යයේ යුද කටයුතු යම් වශයෙන් අඩාල වී ඇති අතර හැකි ඉක්මනින් යුක්‍රේනයට අවශ්‍ය ආයුධ ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

facebook sharing button Share

twitter sharing button Tweet



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි