×

ඉරාකයේ බැබිලෝනියාව ලෝක උරුම නගරයක් ලෙස නම් කෙරේ

...


මෙසපොටේමියානු ශිෂ්චාරයට අයත් පෞරාණික බැබිලෝනියානු නගරය ලෝක උරුම නගරයක් ලෙස නම් කිරීමට මෙවර යුනෙස්කෝ සංවිධානය විසින් කටයුතු කරන ලදී, 1983 වසරේ සිට ඉරාකය මේ සදහා අපේක්ෂාවෙන් සිටි නමුත් යුනෙස්කෝ සංවිධානය එය ලෝක උරුම නගරයක් ලෙස නම් කරන ලද්දේ මෙම වසරේදීය.

බැබිලෝනියානු නගරයේ පිහිටි එල්ලෙන උද්‍යානය ලෝක පුදුම හතෙන් එකක් යටතට අයත් වීමද විශේෂත්වයකි. පසුගිය වසර කිහිපය පුරා යුද්ධය මෙන්ම විවිධ හේතූන් නිසා මෙම නගරය ආශ්‍රිතව ගැටළු රැසක් ඇති විය.

නගරයේ පිහිටි සුප්‍රසිද්ධ මාළිගය මුල්වරට හිටපු නායක සදාම් හුසෙන්ගේ නිවස ලෙස ප්‍රතිසංස්තරණය කෙරුණද පසුව එය ඇමරිකානු සෙබළුගේ මූලස්ථාය ලෙස පැවතියේය.

ගල්ෆ් යුද්ධයෙන් පසු සදාම් හුසේන් විසින් මෙහි අති සුඛෝපභෝගී මාළිගයක් ලෙස එය ප්‍රතිසංස්කරණය කරන ලදී. 2005 වසරේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විසින් අවධාරණය ක‍ළේ ඇමරිකානු හමුදාවන් යටතේ බැබිලෝනයානු මාළිගය විනාශ මුඛයට ඇද වැටෙන බවයි.

මෙම වසරේ ලෝක උරුම නගර බවට පත් කළ අනෙක් නගර.

1- ඉරාකයේ බැබිලෝනියාව
2- බුර්කිනා ෆාසසෝ හී පෞරාණික ලෝහ
කර්ම නගරය
3- බ්‍රසීලයේ පරාටී සහ ඉල්හා ග්‍රෙනේඩ් වෙරළ තීරය
4- අයිස්ලන්තය වට්නාජෝකුල් ජාතික උද්‍යානය
5- ප්‍රංශයේ ෆ්‍රෙන්ච් දක්ෂිණ දිවයින
6- ඇල්බේනීයා හී ඕරිඩ් හී ස්වභාවික සහ සංස්කෘතික නගරය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි