×

ජපානයේ නිරෝධායන නෞකාවේ තවත් 41 කට කොරෝනා වෛරසය වැළදෙයි

ජපානයේ වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක තවත් 41 දෙනෙකු ට කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්ථා වී ඇත.


ජපානයේ වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක තවත් 41 දෙනෙකු ට කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්ථා වී ඇත. ඒ සමග වාර්තා වූ ආසාදිතයන් සංඛාව 61 දක්වා වර්ධනය වී ඇත.

මිනිස්සුන් 3700ක් පමණ රැගත් ඩයමන් ප්‍රින්සස් නෞකාව පසුගිය සති 2ක සිට නිරෝධායක තත්වයේ පැවතුණි.

පසුගිය මාසයේදී නැවේ සිටි 80 හැවිරිදි හොංකොං ජාතිකයෙකු වෛරසය වැළඳී රෝගාතුර වීමෙන් පසුව මෙම පරීක්ෂාව ආරම්භ විය.

ඔහු ජනවාරි 20 වන දින යොකොහාමා හි නෞකාවට ගොඩ වී ඇති අතර ජනවාරි 25 වන දින හොංකොං බලා පිටත් වී ඇත.

මගීන් අට දෙනෙකු වෛරසයට ගොදුරු වීමෙන් පසු තවත් නෞකාවක් – වර්ඩ් ඩ්‍රීම් හොංකොං හි නිරෝධායනය කර ඇත. එහි පුද්ගලයින් 3,600 ක් පමණ සිටින නමුත් කිසිවෙකුට මෙතෙක් වෛරසය වැළදී නොමැති බව වාර්තා වේ.

ඩයමන් ප්‍රින්සස් නෞකාවේ ගමන් ගත් ආසාදිත මඟීන් සමග ජපානයේ වෛරසය වැළැදුණු මුළු සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇති අතර එම සංඛ්‍යාව දෙවෙනි වන්නේ චීනයේ ආසාදිත සංඛ්‍යාවට පමණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි