×

සිරියාවේ පළාත් කිහිපයක රාජ්‍ය විරෝධී විරෝධතා

සිරියාව අපේ මිස අසාද් පවුලගේ නොවේ......


සිරවේ රජය විසින් ඉන්ධන සහනාධාර අවසන් කිරීමත් සමග ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ රජයට එරෙහි විරෝධතාවයන් ඩාරා සහ ස්වීඩා පළාත්වල පැවැත්වූ බව වාර්තා වේ.

වසර ගනනාවක යුද්ධයෙන් හා ආර්ථික අර්බුදවලින් වෙලී සිටින සිරියානුවන්ට ඉන්ධන සහනාධාර අවසන් කිරීම දැඩි පහරක් විය.

මේ සම්බන්ධයෙන් AFP පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, ඩාරා පළාතේ බොස්රා අල්-ෂාම් නගරයේ දුසිම් ගනනක් ජනයා අසාද්ගේ පාලනය අවසන් කරන ලෙස විවෘතව ඉල්ලා සිටි බවයි. එමෙන්ම විරෝධතා පුවරු රැගත් විරෝධතාකරුවන් සිරියාව අපේ මිස අසාද් පවුලගේ නොවේ යනුවෙන් ආණ්ඩුව වෙත සිය අප්‍රසාදය මෙහිදී ප්‍රකාශ කර තිබිණි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි