×

ස්මාර්ට් ෆෝන් 99ක් භාවිතා කරමින් ගූගල් සිතියමේ මාර්ග තදබදයක් නිර්මාණය කළ මිනිසා

ජර්මනියේ අගනුවර වටා අත් කරත්තයක් තුළ ස්මාර්ට් ෆෝන් 99ක ස්ථාන සේවා සක්‍රීය කරගෙන ගමන් කිරීම හේතුවෙන් ගූගල් මැප්ස් යෙදුම රැවටීමට ලක් කිරිමට බර්ලිනයේ කලා කරුවකු උත්සාහ කර තිබේ.


ජර්මනියේ අගනුවර වටා අත් කරත්තයක් තුළ ස්මාර්ට් ෆෝන් 99ක ස්ථාන සේවා සක්‍රීය කරගෙන ගමන් කිරීම හේතුවෙන් ගූගල් මැප්ස් යෙදුම රැවටීමට ලක් කිරිමට බර්ලිනයේ කලා කරුවකු උත්සාහ කර තිබේ. මෙසේ සිදු කිරීම නිසා ගූගල් සිතියමේ බර්ලිනය පුරා වාහන තදබදයක් ඇතිබව දර්ශනය වී ඇත.

සිය රංගනය “ගූගල් මැප්ස් හැක්ස්” ලෙස නම් කළ සයිමන් වෙකර්ට් කුඩා රතු කරත්තයක් සහ අත් දුරකථන 99ක් සමඟ බර්ලිනයේ වීදි බැස ගෙන ඇත. එම දුරකථන ඔහු තම මිතුරන්ගෙන් ඉල්ලාගත් ඒවා හා ස්මාර්ට්ෆෝන් සමාගම් වලින් කුලියට ගත් ඒවා බව සඳහන් වේ.

ඔහු යූටියුබ් වෙත නිකුත් කළ වීඩියෝවේ දර්ශනය වන්නේ ඔහු ගමන් කරන ස්ප්‍රේ ගඟ අසබඩ මාර්ගය ඇතුළු සියලු මාර්ග හිස්ව ඇති බවයි. නමුත් ඔහුගේ මෙම රංගනය හේතුවෙන් ගූගල් සිතියමේ දර්ශනය වී අත්තේ ඉතා සෙමින් ගමන් කරන වාහන තදබදයක් හේතුවෙන් එම වීදි අවහිර වී අති බවයි.

වෙකර්ට් සිය වෙබ් අඩවියේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රථවාහන තදබදයට හසු නොවී සිටීමට අවශ්‍ය මෝටර් රථ නැවත හරවා යැවීමෙන් ඔහුගේ වැඩ කටයුතු වලින් “භෞතික ලෝකයේ බලපෑමක්” ඇති කළ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි