×

අප ඉපදුනේ බැටන් පොලු සහ උණ්ඩ වලට මුහුණ දීමට නොවේ – පුරවැසි පනතට අරුන්දතී රෝයි ගේ විරෝධය

සංගණනයේදී ව්‍යාජ තොරතුරු ලබා දෙන්න ඇය ජනතාවගෙන් ඉල්ලයි


පුරවැසි පනතට එරෙහිව ඉන්දියානුවන්ගේ විරෝධතා වල තවමත් වෙනසක් නැත. Citizenship Amendment Act (CAA) හෙවත් පුරවැසි පනත මෙම මස මුලදී එරට පාර්ලිමේන්තුව තුළ සම්මත වූ අතර එමගින් පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානයථ බංගලාදේශය, මියන්මාරය ආදී රටවලින් සංක්‍රමණය වූ මුස්ලිම් නොවන හින්දු, සික්, ජෛන, පර්ෂියන්, ජාතිකයන්ට පමණක් පුරවැසි භාවය ලබා දෙන ලදී.

 

අරුන්දතී රෝයිගේ විරෝධය

පුරවැසි පනතට එරෙහිව පසුගියදා දිල්ලි හී විරෝධතා කරුවන් සමග  ලෝක ප්‍රකට ගත් කතුවරියක සහ සමාජ ක්‍රියාකාරිනියක වන  අරුන්දතී  රෝයි එක් වූවාය. පනතට එරෙහිව ද විරෝධතා ව්‍යාපරාවලදී ඉන්දීය ආරක්ෂක අංශ වලින් ජනතාවට සිදුවන ප්‍රහාරයන්ට හා ප්‍රතිචාර  වලටද එරෙහිව ඇය  ජනතා සහයෝගය ඉල්ලා සිටියාය.

දිල්ලි විශ්ව විද්‍යාලයේ පැවති විරෝධතා රැස්වීමක් අමතමින් ඇය සංඝනන ක්‍රියාවලිය සඳහා පැමිණෙන බලධාරීන්ට බොරු කියන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

Image result for arundhati roy citizenship amendment bill

“ඔවුන් ඔබේ නිවෙස්වලට ගොස් ඔබේ නම, දුරකථන අංකය රැගෙන ආධාර් සහ රියදුරු බලපත්‍ර වැනි ලියකියවිලි ඉල්ලනු ඇත. එන්පීආර් එන්ආර්සී හුදු දත්ත සමුදායක් බවට පත්වනු ඇත. ”

“අපි එයට එරෙහිව සටන් කොට සැලැස්මක් තිබිය යුතුයි. ඔවුන් එන්පීආර් සඳහා ඔබේ නිවසට ගිය විට, ඔබේ නම ඉල්ලන විට ඔවුන්ට වෙනස් නමක් දෙන්න. රංග බිල්ලා, කුං ෆු කුට්ටා වැනි නම් පහක් පිළිබඳව අපි තීරණය කරමු… ලිපිනය සඳහා 7 රේස්  පාර කියන්න. බොහෝ කඩාකප්පල් කිරීම් අවශ්‍ය වනු ඇත, අපි ඉපදුනේ  බැටන් පොලු  සහ උණ්ඩ වලට මුහුණ දීමට නොවේ, ”ඇය රැස්ව සිටි පිරිසට පැවසුවාය.

අරුන්රෝදතී රෝයි භයානකයි ඈව ජාතික ආරක්ෂක පනත යටතේ  අත්අඩංගුවට ගන්න

භාරතීය ජනතා පක්ෂ නායක සුබ්‍රමනියම් ස්වාමි විසින් ජාතික ආරක්ෂක පනත (එන්එස්ඒ) යටතේ  අරුන්දතී රෝයි අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටියේ .  ජාතික ජනගහන ලේඛනය පිළිබඳ රෝයිගේ අදහස් දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් එය සමාජයට අනතුරක් බවත් ඔහු අනතුරු අගවන ලදී.

“මෙය දේශද්‍රෝහී ක්‍රියාවක්. ඇත්ත වශයෙන්ම  රජය නීති විරෝධී  නොවේ. නීතියේ පරිශුද්ධභාවය පසෙකට දමන්න, ජාතික සමීක්ෂණය සඳහා  ඔබ බත් කිලෝග්‍රෑම් කීයක් කනවාදැයි නිලධාරීන් ඇසුවොත් ඔබට  ඒ ගැන සත්‍යය පැවසිය යුතුය.

සංගණණයේදී බොරු කරන්නැයි රොයිගේ ඉල්ලීමට එරෙහිව භාරතීය පක්ෂ නායක සිය දැඩි විරෝධතාව එසේ පළ කරමින් සිටියි.

 

 

 පුරවැසි පනත සම්බන්ධව අලි ජසීරා සේවය  වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පැවසුවේ විරෝධතා තමන් තුළ අලුත් බලාපොරොත්තුවක් ඇති කළ බවයි.

අල් ජසීරා :  ඔබ මෙම විරෝධතා ව්‍යාපාර පිළීබද දැඩි බලාපොරොත්තුවකින් සහ උනන්දුවකින් සිටිනවා. ඒ ඇයි?

අරුන්දතී රෝයි : මම බලාපොරොත්තු සහගතයි. මොකද කියනවනම් මෝඩි, භාරතීය ජනතා පක්ෂය, ආර්එස්එස් (හින්දු අධිපතිවාදී සංවිධානයක් වන රාෂ්ට්‍රියා ස්වයංසේවාක් සංගමය, ) වසර ගණනාවක් තිස්සේ විකුණමින් සිටින සහ 2014 සිට බලයේ සිටින්නට සහය වූ  මෙම හින්දුත්ව වැඩසටහනේ පවතින භීෂණය බුද්ධිමත්ව හා චිත්තවේගීයව හා උද්‍යෝගයෙන් වටහාගෙන ඇති නිසා මම මෙම විරෝධතා ව්‍යාපාරය ගැන බලාපොරොත්තු සහගතව සිටිමි.

ආර්ථික, සමාජීය, අධ්‍යාපනය, කුමක් වුවත් සෑම ගැටලුවකටම ඔවුන් සතුව ඇත්තේ එකම පිළිතුරයි.

අදහස වන්නේ වෛරය දුරු කිරීමයි.

හදිසියේම යෞවනයන් පවසන්නේ “සමාවෙන්න, අපි මෙය මිලදී ගන්නේ නැත” යන්නයි. ඒ නිසයා මම මේ ව්‍යාපාරය කෙරෙහි බලාපොරොත්තු දලිවාගෙන සිටින්නේ.

අල් ජසීරා : රට පුරා තරුණ තරුණියන් ගේ සහභාගීත්වයෙන් දියත් කෙරෙන විරෝධතාවලින් පවතින තත්ත්වයේ වෙනසක් සිදුවනු ඇතැයි ඔබ සිතනවාද? මෙම විරෝධතා සිදුවෙන අතර තුර ව රජය ජාතික එය බොහෝ දෙනා දකින එන්ආර්සී හි (පුරවැසි පනතේ පූර්වගාමියා ලෙස ජනතාව දකින ජනගහන ලේඛනයට (එන්පීආර්) අරමුදල් සම්පාදනය කළා?

අරුන්දතී රෝයි : ඔවු එය පූරෝගිමී ක්‍රියාවක් නමුත් එය දත්ත සමුදායක් ඔවුන්ට කළ හැකි ඕනෑම දෙයක් කිරීමට ඔවුන් සූදානම්. ඔවුන් ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ සෑම දෙයක්ම සමඟ ඉදිරියට යන්නට යනවා. ඒ වගේම ඔවුන්ගේ මේ වෑයම ලේ වැගිරීමටයි..

මේ වන විටත් ඔවුන් උත්තර පුදේශයේ ජනතාව මරා දමමින් සිටිනවා. මොකද මධ්‍යම රජය සමග ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරන මහ ඇමතිවරයා සිටින්නේ ඒ ප්‍රාන්තයේ.

නමුත් අනෙක් සියලුම ප්‍රාන්තවල බලය ඔළුුන්ට අහිමිව යමින් පවතිනවා . මීට වසර කිහිපයකට පෙර ඔවුන්ට ප්‍රාන්ත ගණනාවක බලය පැවතුනත් දැන් ඔවුන් ට ඇතතේ ප්‍රාන්ත තුනක හෝ හතරක බලය

නමුත් මම හිතනවා තවමත් අවස්ථාව තිබෙනවා. ඔවුන් නවත්වන්නට ඉතිහාසායේ අවස්ථාවක් තිබුණානම් මේ ලැබී ඇත්තේ එම අවස්ථාවයි.

අල් ජසීරා :  ලබන මාසයේ දී පනතට එරෙහිව දුසිම් ගණන් පෙත්සම් ගණනක් විභාග වන විට ශෞෂ්ඨාධිකරනය ඔවුන්ව නවතනු ඇතැයි ඔබ සිතනවාද?

අරුන්දතී රෝයි: මට දනුනේ නැහැ. ඒ ගැන මට විශාල බලාපොරොතුවක් නැහැ, බලන්න ඇසෑමයට සිදු වූනේ කුමක්ද?

ශේෂ්ඨාධිකරණය තවමත් ව්‍යවස්ථානුකූල බව විභාග කරමින් සිටියදී රජය ජාතික ලේඛණය සමග ඉදිරියට ගියා.

එම නිසා මේ වන විටත් සිදු කළ හැකි උපරිම හානිය රජය විසින් සිදු කර හමාරයි.
ශේෂ්ඨාධිකරනය තවමත් සිය අධිකරන ක්‍රියාවලියෙහි ගමන් කරමින් සිටිනවා මන්ද මේ පිළීබදව දැනුවත් ඉන්දියානුවන් ස්වල්පයක් දෙනා බැවින් රජය මෙම භීෂණය ඇසෑම් වැසියන් වෙත මුදා හැරියා.

ඒ නිසා මම බලාපොරොතුත් වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩි දෙයක් මෙම ක්‍රියාවලිය විසින් ලබා ගනීවි කියා. ශ්‍රේෂ්ඨාධිකරණය මෙතෙක් රජයේ කිසිදු න්‍යාය පත්‍රයක් වෙනුවෙන් පෙනී සිට නැහැ. මම හිතනවා මේ සම්බන්ධවත් එය එලෙසම වේවි කියා. ඒ නමුත් මට එ් පිළිබදව එතරම්ම බලාපොරොතුත්වක් නැහැ.


 

පුරවැසි පනතට එරෙහිව රට පුරා ඇති වූ උද්ඝෝෂණ වලදී 25කට අධික පිරිසක් ඝාතනයට ලක් වූ අතර මෙම පනත ඉන්දියානු ව්‍යවස්ථාවට විරුද්ධ බවත් රජය හිංදු ජාතිකත්ව රජයක් වන බවටත් චෝදනා එල්ල විය.
එහෙත් දක්ෂිනාංශික පාලක භාරතීය ජනතා පක්ෂය (බී.ජේ.පී.) සහ අගමැති නරේන්ද්‍ර මෝදි පවසන්නමෛම නීතිය මානුෂීය වන අතර එමගින් නීතිය ආරක්ෂා කරඇති පවයි.

මෙයින් වඩාත් බලෑමට ලක් වූයේ ඇසෑම් ප්‍රාන්තයේ ඉසුලාමීය ජනතාවයි. පසුගිය අගෝස්තු මස ඉන්දීය රජය විසින් සිදු කළ සංඝනනයක් මගින් මිලියන 2කට අධික පිරිසකගේ පුරවැසි භාවිය තහවුරු කළ නොහැකි බවට සනාථ කළ අතර පසුගිය අඝහරුවාදා එරට රජය විසින් ඉන්දියාව පුරා පුරවැසි භාවය තහවුරු කළ හැකි පුද්ගලය් පිළබදව සංඝනනයක් පැවැත්වීම අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලදී. ඒ්ත් සමග පුරවැසි පනත විසින් ජනතාව තව තවත් බිය ගන්වා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි