උතුරු මෙක්සිකෝවේන් මළ සිරුරු 12ක් හා ශරීර කොටස් අසුරන ලද ගමන්මළු පහක් හමු වේ
මෙම මරණ ද මත්ද්‍රව්‍ය ජාවාරමක් තුළ ඇති වූ අභ්‍යන්තර ආරවුලක් හේතුවෙන් සිදු වූ ඒවා බවට සැක කරයි.
උතුරු මෙක්සිකානු නගරයක් වන මොන්ටෙරේ සහ එහි තදාසන්න ප්‍රදේශ හරහා ස්ථාන හතකින් විකෘති කළ මළ සිරුරු හතක් හා ශරීර කොටස් කපා අසුරන ලද ගමන්මළු පහක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත බලධාරීන් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, මියගිය පුද්ගලයින් සංඛ්‍යාව හඳුනා ගැනීමට ඔවුන් තවමත් කැබලි කරන ලද ශරීර කොටස් විශ්ලේෂණය කරමින් සිටින අතර වින්දිතයින් 12 දෙනෙකු පමණ සිටිය හැකි බවට ඔවුන් සැක කරන බවයි.
මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බොහෝ විට කොටස් කළ සිරුරු වීදිවල තබන අතර මෙම මරණ ද මත්ද්‍රව්‍ය ජාවාරමක් තුළ ඇති වූ අභ්‍යන්තර ආරවුලක් හේතුවෙන් සිදු වූ ඒවා බවට සැක කරයි.
සශිකලා මධුෂාණි