×

ඕස්ට්‍රෙලියාව ආධාරක මරණය (assisted dying ) නීතිගත කරයි

පියයුරු පිළිකාවක් වැළදුන කෙරී රොබට්සන් එසේ මිය ගිය පළමු කාන්තාව බවට පත්වේ.


කාලයක් තිස්සේ පියයුරු පිළිකාවක් හේතුවෙන් රෝගාතුරු වී සිටින කාන්තාවක් විසින් ආධාරක මරණය සදහා තමන්ට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සදහා අධිකරණය විසින් ඉඩ ලබා දී තිබේ.

61 හැවිරිදි මෙම කාන්තාව පසුගිය මස මිය ගිය අතර ඇය විසින් ඉල්ලා තිබුණේ තමන් ජීවත් වූ කාලය අවසන් කිරීම සදහා මිය යෑමට ඇති අයිතිය තහවුරු කරන ලෙසයි. මෙම නීතිය මේ වන විට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් ක්‍රියාත්මක වුවද එය ඉදිරියේදී අනෙකුත් ප්‍රාන්තයන්හීද නීති ගත කරනු ඇත.

2010 වසරේදී රොබට්සන් නැමති මෙම කාන්තාවට පියයුරු පිළිකාවක් වැළදී ඇති බව හදුනා ගෙන ඇති අතර ඉන් පසු සිදු කළ ප්‍රතිකාර වේදානත්මක වීම මෙසේ මිය යෑම සදහා අවසර ඉල්ලා සිටීමට ප්‍රධානතම හේතුව වී ඇත. මෙමගින් සිදු කරන්නේ දරා ගත නොහැකි මෙන්ම සුව කළ නොහැකි රෝගී තත්ත්වයන් පවතින රෝගීන් සදහා වෛද්‍යවරුන්ගේ සහාය ඇතිව මාරාන්තික ඖෂධ ලබා දීමට කටයුතු කිරීමය.

මෙම නීතියට අනුව තමන් වෙත මිය යෑමට අවශ්‍ය බව ඉල්ලුම් කිරීම සදහා ඉල්ලීම් තුනක් කළ හැකි වේ. ඒ පුහුණුව ලත් වෛද්‍යවරුන්ගේ සහය ඇතිවයි. එහිදී රෝගීයා අනිවාර්යෙන්ම වයස අවුරුදු 18ට වඩා වැඩි විය යුතු අතර ජීවත්වීමේ කාලය මාස 6ක් දක්වා උපරිම කාලයක් ඇති අයකු විය යුතුය.
මේ සදහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට 2017 යසරේ සිට පැය සියයකට අධික කාලයක් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ විවාදයන් සිදු වී ඇත.

මීට ඉහතදී 1995 වසරේදී ලොව ප්‍රථම වතාවට අනායාස මරණය පිළිබදව නීතියද ඕස්ට්‍රේලියාව විසින් හදුන්වා දෙන ලදී. නමුත් ඊට මාස 8කට පසු ෆෙඩරල් බලධාරීන් විසින් එයවෙනස් කරන ලදී.

මෙසේ පුද්ගලයින්ගේ අවශ්‍ය තාව මත අත්‍යවශ්‍යම තත්ත්වයන්හීදී සිය මරණය පිළිබදව තමන්ටම තීරණය කිරීම සදහා අනායාස මරණය කැනඩාව, නෙදර්ලන්තය සහ බෙල්ජියම විසින්ද නීති ගත කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි