×

ඉරාකයේ මංගල සාදයක් තුළ හටගත් ගින්නක් හේතුවෙන් 113 දෙනෙකු මරුට

ඉරාකයේ උතුරු නිනිවේ පළාතේ මංගල උත්සවයක් තුළ හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 113 දෙනෙකු මියගොස් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව නියෝජ්‍ය ආණ්ඩුකාර හසන් අල්-අල්ලාක් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ. මංගල උත්සවය අතරතුර ගිනිකෙළි භාවිතා කිරීමේදී සිදු වූ අතපසු වීමක් ගින්නට හේතු වී ඇති අතර උත්සව ශාලාව ඉදිකිරීමේදී භාවිතා කරන ලද දැවෙනසුළු ද්‍රව්‍ය […]


ඉරාකයේ උතුරු නිනිවේ පළාතේ මංගල උත්සවයක් තුළ හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 113 දෙනෙකු මියගොස් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව නියෝජ්‍ය ආණ්ඩුකාර හසන් අල්-අල්ලාක් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

මංගල උත්සවය අතරතුර ගිනිකෙළි භාවිතා කිරීමේදී සිදු වූ අතපසු වීමක් ගින්නට හේතු වී ඇති අතර උත්සව ශාලාව ඉදිකිරීමේදී භාවිතා කරන ලද දැවෙනසුළු ද්‍රව්‍ය විශාල ගින්නක් ඇති වීමට හේතු වන්නට ඇති බව එරට ආරක්ෂක අංශ සඳහන් කර තිබේ.

ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල්-සුඩානිගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, අග්‍රාමාත්‍යවරයා ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති බවත්, විපතට පත්ස වූවන් වෙනුවෙන් සහන සලසන ලෙස රටේ අභ්‍යන්තර හා සෞඛ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත්ය.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි