×

රුසියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක් හේතුවෙන් 12 දෙනෙකු මරුට

මේ වන විට තත්වය පාලනය කිරීම සඳහා හදිසි සේවකයින් 260 ක් පමණ යොදවා තිබේ.


දකුණු රුසියාවේ ඩැගෙස්තාන් නගරයේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමක් හේතුවෙන් 12 දෙනෙකු මියගොස් 60 දෙනෙකු තුවාල ලබා ඇතිබව වාර්තා වේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මරන සංඛාව තවදුරටත් ඉහල යනු ඇති බවයි රුසියාවේ ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබුනේ. මේ වන විට තත්වය පාලනය කිරීම සඳහා හදිසි සේවකයින් 260 ක් පමණ යොදවා ඇති අතර බරපතල තුවාල ලැබූවන් මොස්කව් වෙත රැගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ.

මොස්කව් සිට කිලෝමීටර් 1,600 (සැතපුම් 1,000) පමණ දුරින් පිහිටා ඇති ඩැගෙස්තාන් ජනරජය රුසියානු සමූහාණ්ඩුවේ කොටස් 83 න් එකක් වන අතර එය රටේ දකුණු කෙළවරෙහි පිහිට තිබේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි