×

තුර්කියේ සහ උතුරු සිරියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 12,000ක් ලෙස වාර්තා වේ. (update)

මේ සම්බන්ධයෙන් විශ්ලේෂකයන් ප්‍රකාශ කර තිබුණේ ව්‍යසනය හමුවේ රජය විසින් දුර්වල ලෙස සූදානම් වූ බවත්, හදිසි සේවාවල ප්‍රතිචාරය ඉතා මන්දගාමී වීම හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වූ බවයි.


භූමිකම්පාව හේතුවෙන් තුර්කියේ සහ උතුරු සිරියාවේ අවම වශයෙන් පුද්ගලයින් 12,000 ක් මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

මේ සම්බන්ධයෙන් විශ්ලේෂකයන් ප්‍රකාශ කර තිබුණේ ව්‍යසනය හමුවේ රජය විසින් දුර්වල ලෙස සූදානම් වූ බවත්, හදිසි සේවාවල ප්‍රතිචාරය ඉතා මන්දගාමී වීම හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වූ බවයි. මේ සම්බන්ධයෙන් තුර්කියේ ජනාධිපති Recep Tayyip Erdogan ප්‍රකාශ කර තිබුණේ ව්‍යසනය හමුවේ රජය යම් යම් ගැටළු වලට මුහුණ දුන් බවත්, කක්වය මේ වන විට පාලනය වී ඇති බවත්ය.

ආසන්න සිරියාවේ, වසර ගණනාවක ගැටුම් හේතුවෙන් ජාතියේ යටිතල පහසුකම් විනාශ කර ඇති හෙයින් සහන සහන කටයුතු සැලසීම ඉතා සංකීර්ණ වී ඇත. සිරියානු රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුරෝපා කොමිසම විසින් රෝ මිලියන 3.5 (£) ලබා දෙන බවට පොරොන්දු වී ඇත. තුර්කිය සහ සිරියාව අතර බබ් අල්-හවා හරස් මාර්ගය භූමිකම්පාවෙන් පසු මාර්ගවලට දැඩි ලෙස හානි වී ඇති බැවින් වසා දමා ඇති අතර සිරියාවට ළඟා වීම අතිශය දුෂ්කර වී තිබේ.

සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ පමණක් පුද්ගලයන් 1,500කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ උපදේශකයෙකු පැවසුවේ යුරෝපීය හා ඇමරිකානු සම්බාධක හේතුවෙන් සිරියාවට අවශ්‍ය ආධාර ලැබීම ඇණ හිට ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි