×

සෝල් අගනුවර හැලොවීන් උත්සවයක තෙරපීමක් හේතුවෙන් පුද්ගලයන් 151 දෙනෙකු මරුට

වින්දිතයන්ගෙන් බොහෝ දෙනෙක් වයස අවුරුදු 20 ක කාන්තාවන් සහ තරුණයින් බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.


දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුම් උත්සව අතරතුර ඇතිවූ තෙරපීමක් හේතුවෙන් වම වශයෙන් පුද්ගලයින් 151 දෙනෙකු මියගොස්, 82කු තුවාල ලබා ඇති අතර ඉන් 19 දෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තා වේ.

COVID-19 සීමා කිරීම් සහ සමාජ දුරස්ථභාවය ඉවත් කිරීමෙන් පසු වසර තුනකට පසු සෝල් හි පැවති පළමු හැලොවීන් උත්සවය මෙය වූ අතර වින්දිතයන්ගෙන් බොහෝ දෙනෙක් වයස අවුරුදු 20 ක කාන්තාවන් සහ තරුණයින් බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ. මිය ගිය අය අතර ඉරානය, උස්බෙකිස්තානය, චීනය සහ නෝර්වේ යන රටවලින් පැමිණි විදේශිකයන් 19 දෙනෙකුද හඳුනාගෙන ඇත.

මෙම සිදුවීම පිළිබඳ විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති Yoon Suk-yeol ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර ඇත. ඔහු මෙහිදී සඳහන් කර තිබුණේ සිදු නොවිය යුත් ඛේදවාචකයක් සෝල් හි සිදු වූ බවයි. මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා එක්සත් ජනපද නව අගමැති රිෂී සුනක් ද සිය ශෝකය ප්‍රකාශ කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි