×

කාම්බෝජයේ කැසිනෝ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු මරුට

අනෙකුත් විපතට පත් වූවන් තවමත් ගණනය කර නොමැත.


කාම්බෝජයේ නොම් පෙන් අගනුවරට වයඹ දෙසින් ග්‍රෑන්ඩ් ඩයමන්ඩ් සිටි සංකීර්ණයේ කම්කරුවන් 400 ක් පමණ සේවය කළ කැසිනෝ ශාලාවක හා හෝටලයක් තුල ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාර Ngor Meng Chroun වාර්තා කර තිබේ.

අනෙකුත් විපතට පත් වූවන් තවමත් ගණනය කර නොමැති අතර විපතට පත් වූ බොහෝමයක් ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය, අසල්වැසි තායිලන්තයෙන් පැමිණි අය ලෙස හඳුනාගෙන ඇත.


තුවාල ලැබූවන් තායිලන්තයේ අසල්වැසි Sa Kaeo පළාතේ Aranyaprathet නගරයේ රෝහල් වෙත යොමු කර ඇති අතර තායි බලධාරීන් පැවසුවේ වින්දිතයින් 50 කට වැඩි පිරිසක් එහි රෝහල් ගත කර ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර හදිසි සේවා නිලධාරීන් 360 ක් සහ ගිනි නිවන රථ 11 ක් ගින්න ඇති වූ ස්ථානයට යවා එය මැඩපවත්වා ඇති බව කාම්බෝජයේ ගිනි නිවන ඒජන්සිය විසින් මාධ්‍ය වෙත වාර්තා කර තිබිණ. අලුයම දෙකට පමණ ඇරඹි ගින්න බුමුතුරුණු දිගේ පැතිරී ගොස් ගොඩනැගිල්ල හරහා ඉහළට පැන නැඟී තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි