×

ඕමානයේ හදිසි ගංවතුර තත්වයක් හේතුවෙන් 17 දෙනෙකු මිය යයි

ඉදිරි දින කිහිපය තුළ ඊසානදිග සහ උතුරු ඕමානය හරහා මධ්‍යස්ථ තද වැසි අපේක්ෂා කරයි.


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 16,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඕමානයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ හදිසි ගංවතුර තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු මියගිය බව හඳුනාගෙන ඇති බව හදිසි කළමනාකරණය සඳහා වූ ජාතික කමිටුව (NCEM) වාර්තා කරයි.

කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අද(16)දිනයේදී රජය විසින් Musandam, Al Buraimi, Al Dhahirah සහ Al Dakhiliyah ඇතුළු ආණ්ඩුකාර කාර්යාල පහක රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ සහ කම්කරුවන්ගේ වැඩ අත්හිටුවා ඇති අතර පාසල් වසා දැමීමට තීරණය කර තිබේ.

ඉදිරි දින කිහිපය තුළ ඊසානදිග සහ උතුරු ඕමානය හරහා මධ්‍යස්ථ තද වැසි අපේක්ෂා කෙරෙන බවයි හදිසි කළමනාකරණය සඳහා වූ ජාතික කමිටුව (NCEM)සඳහන් කරන්නේ,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි