×

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.


සටහන: සශිකලා මධුෂාණි,මැයි 01,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීනයේ Guangdong පළාතේ Meizhou නගරය සහ Dabu ප්‍රාන්තය අතර S12 අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 30 දෙනෙකු තුවාල ලබා හදිසි ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මාර්ගය කඩා වැටීමට හේතු මෙතෙක් අනාවරණය නොවන අතර පසුගිය සති කිහිපය තුළ දැඩි වර්ෂාපතනයේ සිට ගංවතුර සහ මාරාන්තික සුළි කුණාටු ආදී ආන්තික කාලගුණික සිදුවීම් මාලාවකට Guangdong පළාත ලක් විය.

චීනයේ රාජ්‍ය මාධ්‍ය සඳහන් කර තිබුණේ, ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවා ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි