×

ට්‍රිපොලි අගනුවර සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 23දෙනෙකු මිය ගොස් 140දෙනෙකුට තුවාල

ගඩාෆිගේ මරණයත් සමඟ ගිබියාව තුළ සන්නද්ධ පුද්ගල කණ්ඩායම්වල නැගී සිටීම සිදු වූ පැවැති දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් තතත්වය තවදුරටත් නරක අතට හැරිණ.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර ආයුධ සන්නද්ධ කණ්ඩායම් හා ලිබියානු හමුදාව අතර ගැටීමකින් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් 140 දෙනෙකු තුවාල ලබා ඇති බව ලිබියාවෙහි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ. 
ඊයේ (27) දින රාත්‍රිය පුරා දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදු වූ අතර නගරය පුරා පිපිරීම් ද කිහිපයක් වාර්තා විය. සමාජ මාධ්‍ය වල සංසරණය වන වීඩියෝ දර්ශනවලට අනුව ජනාකීර්ණ ගොඩනැගිලි විනාශවන හා කාර් රථ ගිණිතබා විනාශ කරන දර්ශන දක්නට ලැබේ.

ගඩාෆිගේ මරණයත් සමඟ ගිබියාව තුළ සන්නද්ධ පුද්ගල කණ්ඩායම්වල නැගී සිටීම සිදු වූ පැවැති දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් තතත්වය තවදුරටත් නරක අතට හැරිණ. 

එක්සත් ජාතීන්ගේ පිටුබලය ලබන ජාතික එකමුතුවේ රජය සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද ප්‍රකාශයක කියා සිටියේ සවියා වීදිය ප්‍රදේශයේ ගමන් කරන රථ පෙළකට හමුදා කණ්ඩායමක් අහඹු ලෙස වෙඩි තැබීමත් සමඟ සන්නද්ධ කණ්ඩායම් හා හමුදාව අතර මෙම ගැටුම ඇති වූ බවිය. 

රාජ්‍ය බලය ලබා ගැනීමට තරඟ කරන ජාතික එකමුතුවෙහි(GNU) ප්‍රධානියා වන රටේ අන්තර්වාර අගමැති අබ්දුල්හමීඩ් ලිබියාවේ බටහිර කොටසේ සිය බලය ව්‍යාප්ත කර ඇති අතර රටේ නැගෙනහිර ටොබ්රුක්හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අගමැති ෆාති බෂාගාගේ නායකත්වයෙන් යුත් ප්‍රතිවාදී ආන්ඩුවක ආසනයයි.

මේ වන විට GNU නීතිවිරෝධී බවත් පසෙකට විය යුතු බවත් ප්‍රකාශ කරන බැවින් බෂාගා ට්‍රිපොලි වෙත ඇතුළු වී එය අත්පත් කර ගැනීමට උත්සාහ කරයි. ජාත්‍යන්තරව පිළිගත් රජයේ නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන ලිබියානු පුවත් ඒජන්සිය වන LANA ට අනුව පාර්ලිමේන්තුව, ප්‍රාන්තයේ උත්තරීතර කවුන්සිලය, ජනාධිපති කවුන්සිලය සහ ආණ්ඩු දෙක ට්‍රිපොලි අගනුවර ආරක්ෂාව පිරිහීමට වගකිව යුතු අතර සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටීයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ගැටුම සම්බනධයෙන් ට්විට්හි සඳහන් කර තිබුණේ වහාම සතුරුකම් නතර කර සිවිල් වැසියන් සහ සිවිල් වස්තූන් ආරක්ෂා කිරන ලෙසයි.

සශිකලා මධුෂාණී_


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි