×

ඉන්දියාවේ විෂ සහිත මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයන් 31 දෙනෙකු මරුට

භාරතීය ජනතා පක්ෂයේ ප්‍රාන්ත නායක සුෂිල් මෝඩි පැවසුවේ වසර හයකට පෙර තහනම පැනවූ දින සිට 1,000 කට වැඩි පිරිසක් අපිරිසිදු මත්පැන් පානය කිරීමෙන් මිය ගොස් ඇති බවයි.


ඉන්දියාවේ පට්නා ප්‍රාන්තයේ විෂ සහිත මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයන් 31 දෙනෙකු මරණයට පත්ව, තවත් කිහිප දෙනෙක් රෝහල් ගත කර ඇති බවත්, රෝහල්ගත කළ පුද්ගලයන්ගේ තත්වය බරපතල බවත්, පට්නාහි බලධාරීන්න්ගේ හා ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබිණ.


පට්නා ප්‍රාන්ත අගනුවරට උතුරින් පිහිටි සරාන් දිස්ත්‍රික්කයේ මෙම මරණ වාර්තා ව ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි සන්තෝෂ් කුමාර් පැවසුවේ රෝහල් ගත කළ කිහිප දෙනෙකුගේ ඇස් පෙනීම නැති වී ඇති බවයි.

විපතට පත් පවුල්වලට යම් මුදල් වන්දියක් ලබා දෙන ලෙසත් ප්‍රාන්තයේ මත්පැන් තහනම ඉවත් කරන ලෙසත්, හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය (BJP) ඇතුළු විරුද්ධ පක්ෂ කිහිපයක් අද (15)දිනයේ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක ගොඩනැගිල්ලෙන් පිටත විරෝධතා පැවැත්වනු ලැබීය.

ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල මධ්‍යසාර විකිණීම හා පර්භෝජනය කිරීම තහනම් කර තිබීම හේතුවෙන් ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් අලෙවිසැල් දක්නට ලැබේ. භාරතීය ජනතා පක්ෂයේ ප්‍රාන්ත නායක සුෂිල් මෝඩි පැවසුවේ වසර හයකට පෙර තහනම පැනවූ දින සිට 1,000 කට වැඩි පිරිසක් අපිරිසිදු මත්පැන් පානය කිරීමෙන් මිය ගොස් ඇති බවයි.


ඉන්දියාවේ ජාත්‍යන්තර ස්ප්‍රීතු සහ වයින් සංගමයට අනුව සෑම වසරකම රට තුළ පානය කරන මධ්‍යසාර ලීටර් බිලියන පහෙන් සියයට 40 ක් පමණ නීති විරෝධී ලෙස නිෂ්පාදනය කෙරේ. නීතිවිරෝධී මත්පැන් එහි ප්‍රබලතාවය වැඩි කිරීම සඳහා බොහෝ විට මෙතනෝල් සමඟ මිශ්‍ර කරන අතර මෙතනෝල් ශරීරගත වුවහොත් අන්ධභාවයට, අක්මාවට හානි වීමට හා මරණයට හේතු විය හැක.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි