×

මාලි රාජ්‍යයේ සිවිල් වැසියන් 49ක් මරුට

සටහන – රෂිකා හෙන්නායක මාලි රාජ්‍යයේ සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු මියගොස් තිබේ. එරට ඊසානදිග ප්‍රදේශයේදී නයිජර් ගංගාවේ යාත්‍රා කළ බෝට්ටුවකට එම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව මාලිහි ගාඕ කලාපයේ හමුදා කඳවුරකට ඉස්ලාමීය සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් හමුදා සෙබලුන් 15 දෙනෙකු මියගොස් ඇති බවඩ වාර්තා වේ. […]


සටහන – රෂිකා හෙන්නායක

මාලි රාජ්‍යයේ සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු මියගොස් තිබේ.

එරට ඊසානදිග ප්‍රදේශයේදී නයිජර් ගංගාවේ යාත්‍රා කළ බෝට්ටුවකට එම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව මාලිහි ගාඕ කලාපයේ හමුදා කඳවුරකට ඉස්ලාමීය සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් හමුදා සෙබලුන් 15 දෙනෙකු මියගොස් ඇති බවඩ වාර්තා වේ.

එහිදී ඇතිවූ ගැටුමේදී සටන්කාමීන් 50 දෙනෙකු ද මියගොස් ඇතැයි සඳහන් වන අතර, ප්‍රහාරවලින් සිවිල් වැසියන් මියයාම හේතුවෙන් මාලි රාජ්‍ය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට හමුදාව මාලි රාජ්‍යයේ පාලනය සියතට ගත්තේ 2020 වසරේ සිටයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි