උතුරු ටැන්සානියාවට පසුගිය සති අන්තයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්වයන් නිසා මියගිය සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් ඇති බවත්, තුවාල ලැබූවන් සංඛ්‍යාව 116 ක් ලෙස වාර්තා වන බවත් එරට අගමැති කාසිම් මජලිවා සඳහන් කර තිබේ.
එමෙන්ම ඊයේ(04)දිනයේදී ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබුණේ, ගංවතුර හේතුවෙන් අවම වශයෙන් නිවාස 1,150 ක් සහ පුද්ගලයින් 5,600 ක් පීඩාවට පත්ව ඇති අතර අක්කර 750 [හෙක්ටයාර් 300] ක ගොවිබිම් ද විනාශ වී ඇති බවයි.
ආන්තික කාලගුණයේ බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙස ඉතියෝපියාව, කෙන්යාව, සෝමාලියාව සහ දකුණු සුඩානය වැනි නැගෙනහිර අප්‍රිකානු රටවල් වලට අධික වර්ෂාව, ගංවතුර වැනි උපද්‍රව පසුගිය කාලය පුරාම දක්නට ලැබුන අතර කලාපයේ වැසි සමය ඔක්තෝබර් මාසයේ ආරම්භ වූ දා සිට මිනිසුන් සිය ගණනක් මිය ගොස් තිබේ.
සශිකලා මධුෂාණි