×

නේපාලයේ භුමි කම්පාවක් හේතුවෙන් 129 දෙනෙකු මරුට

ප්‍රාදේශීය බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ, මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බවයි.


නේපාලයේ කත්මණ්ඩු අගනුවරට බටහිර දෙසින් කිලෝ මීටර 500ක් පමණ ඈතින් පිහිටා ඇති, කඳුකර දිස්ත්‍රික්කයන් වන ජජර්කෝට් ප්‍රදේශයට ඊයේ(03)දිනයේ ඇති වූ රික්ටර් මාපකයේ 6.4ක භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 129 දෙනෙකු මියගොස් දහස් ගණනක් දෙනා තුවාල ලබා ඇතිබව ඇති බව වාර්තා වේ.

භූමිකම්පාව හේතුවෙන් අවහිර වූ මාර්ග පිළිසකර කරගනිමින් ගලවා ගැනීමේ සහ සෝදිසි කණ්ඩායම් භූමිකම්පාවෙන් හානියට පත් ප්‍රදේශ වලට යමින් සිටින බව වාර්තා වන අතර ප්‍රාදේශීය බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ, මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි