×

බ්‍රසීලයේ සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 8 දෙනෙකු මිය යයි

මිලියන 1.5 ක පමණ පදිංචිකරුවන් සිටින වෙරළබඩ නගරයක් වන Recifeහි මෑත දිනවල අධික වර්ෂාපතනයක් ලැබෙන අතර අවධානයෙන් පසුවන ලෙස ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා නිවේදනය කර තිබේ.


බ්‍රසීලයේ ඊසානදිග Pernambuco ප්‍රාන්තයේ Recife නගරයේ සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකුද ඇතුළුව 8 දෙනෙකු මියගොස් 5 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

ගිනි නිවන භටයින් සහ ගලවා ගැනීමේ සේවකයින් අඛණ්ඩව විපතට පත්වූවන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන අතර ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මිලියන 1.5 ක පමණ පදිංචිකරුවන් සිටින වෙරළබඩ නගරයක් වන Recifeහි මෑත දිනවල අධික වර්ෂාපතනයක් ලැබෙන අතර අවධානයෙන් පසුවන ලෙස ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා නිවේදනය කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි