×

මත්පැන් විෂ වී ඉන්දියානුවන් 99 ක් ජීවිතක්ෂයට

නීති විරෝධී මත් පැන් නිසා මෙසේ ඉන්දියානුවන් රෝගී වීම සුලභ පුවතක් බවට පත් වී ඇත


උතුරු ඉන්දියවේ විෂ සහිත මත් පැන් වානය කිරීම හේතුවෙන් පුද්ගලයින් 99 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් දහසකට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බවටත් වාර්ථා විය.

නීති විරෝධී ලෙස මත් පැන් නිපදවන ස්ථානයකින් මෙම පුද් ගලයන් විසින් මත් පැන් මිලදී ගෙන ඇති අතර මත්පැන් පානයෙන් පසු ඔවුන්ට කලන්තය සහ පපුවේ වේදනාවක් හට ගැනීම නිසා රෝහල් ගත වී ඇත.
මේ අනුව උතුරු ඉන්දියාවේ පසු ගිය දින 4ක් පුරා සහරාන්පූර් නගරයේදී 59 දෙනෙකු කුෂිනගර් ප‍්‍රදේශයෙන් 30 දෙනෙකු ද තවත් ප්‍රදේශ කිහිපයක අයත් මෙසේ මියගොස් ඇත‍

ඉන්දීය පොලීසිය පවසන පරිදි බෙහොමයක් දෙනා මංගල උත්සව පූජා උත්සව වැනි වැඩි පිරිසක් සහභාගි වන අවස්ථා වලදි මෙලෙස නීතිවිරෝධි මත්පැන් භාවිතා කිරීමෙන් මිය ගොස් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි