×

ඉන්දියාවේ දිගම මුහුදු පාලම Atal Setu විවෘත වේ!

මෙම trans harbour සම්බන්ධකය, Atal Setu ලෙසද හඳුන්වනු ලබයි


සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 13 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව රටේ යටිතල පහසුකම් පුළුල් කරමින් කිලෝමීටර් 21.8 ක දිගකින් යුතු Mumbai සිට Navi Mumbai දක්වා මිනිත්තු 20කින් යාහැකි දිගම මුහුදු පාලම විවෘත කර ඇති බව වාර්තා වේ,

අගමැති නරේන්ද්‍ර මෝදි විසින් මුම්බායි හි Sewri සහ රයිගාඩ් දිස්ත්‍රික්කයේ Nhava Sheva අතර මෙම Mumbai Trans වරාය විවෘත කළ බව සඳහන් වේ.

මෙම trans harbour සම්බන්ධකය, Atal Setu ලෙසද හඳුන්වනු ලබයි.

එය ඉන්දියාවේ දිගම මුහුදු පාලම වන අතර, එම ස්ථාන දෙක අතර ගමන සඳහා ගතවන කාලය විනාඩි 20 ක් වන බව වාර්තා වේ,එම ගමන සඳහා වර්තමානයේ ගතවන කාලය පැය එක හමාරක් පමණ වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ , ඉන්දියානු රුපියල් කෝටි 17,840 ක වියදමින් ඉදිකරන ලද Mumbai Trans Harbour Linkහි මංතීරු හයක් ඇති අතර පාලමේ කිලෝමීටර 16.5 ක් මුහුදට ඉහළින් පිහිටා ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි