×

VOLODYMYR ZELENSKY ඝාතන තැතක්!

මෙම චෝදනාවන්ට වරදකරු වුවහොත් ඔහුට වසර 8ක සිරදඩුවම් නියම විය හැකි බව වාර්තා වේ.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන නායක Volodymyr Zelensky ඝාතනය කිරිමේ රුසියා කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පෝලන්ත ජාතිකයෙකුට චෝදනා එල්ල වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ඝාතනය කිරීමේ රුසියා කුමන්ත්‍රණයකට සහාය වු බවට පෝල් කේ නම් පෝලන්ත ජාතිකයෙකුටයි චෝදනා එල්ල වී ඇති බව ජාත්‍යන්තර පුවත් වාර්තා කරයි.

https://youtube.com/watch?v=ZgT0_Wv6N8o%3Ffeature%3Doembed

මෙම චෝදනාවන්ට වරදකරු වුවහොත් ඔහුට වසර 8ක සිරදඩුවම් නියම විය හැකි බව වාර්තා වේ.

යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර් 100ක් දුරින් ගිණිකොන දිග පෝලන්තයේ ගුවන්තොටුපළක ආරක්ෂාව පිළිබද තොරතුරු රුසියා ඔත්තුකරුවන්ට සැපයීමට මොහු එකගවී සිටි බවට චෝදනා එල්ල වී ඇති අතර, යුක්රේන ජනාධිපතිවරයා විදේශ සංචාර සදහා පිටත්ව යන විට මෙම ගුවන්තොටුපළ භාවිත කරන බවද වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි