×

කෙන්යාවේ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට කඩා වැදීමට තැත් කළ තිදෙනාට වැඩ වරදී!

අත්අඩංගුවට පත් සැකකරුවන් ප්‍රශ්න කිරීම් සඳහා රඳවා තබා ගෙන ඇති බවට කලාපීය පොලිස් ප්‍රධානී පැවසීය.


කෙන්යාවේ ස්ථාපිත බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට කඩා වැදීමට තැත් කළ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

මෙසේ සැකකරුවන් කඩා වැදීමට උත්සාහ කොට තිබෙන්නේ කෙන්යාවේ නාන්යුකි නම් ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට ය.

එම හමුදා කඳවුරේ වාර්ශිකව බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් දස දහසක් පමණ පුහුණුවීම් ලබන බවට වාර්තා වේ.

පසුගිය දිනක කෙන්යාවේ එක්සත් ජනපද හමුදා කඳවුරකට අල්-ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම් විසින් ප්‍රහාරයක් එල්ල වී තිබිණි.

එම පහර දීමෙන් ඇමරිකානු හමුදා නිලධාරියකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

මෙකී සැකකරුවන් අදාල බ්‍රිතාන්‍ය කඳවුරට කඩා පැන තිබෙන්නේ එම පහර දීමට පැය ගණනක් යන්නට මත්තෙන් බවට වාර්තා වේ.

සිදුවීම් දෙක අතර සබඳතාවක් පවතින්නේ දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

අත්අඩංගුවට පත් සැකකරුවන් ප්‍රශ්න කිරීම් සඳහා රඳවා තබා ගෙන ඇති බවට කලාපීය පොලිස් ප්‍රධානී පැවසීය.

කෙන්යාවේ නයිරෝබී අගනුවරට සැතපුම් 120 පමණ උතුරින් පිහිටා ඇති නාන්යුකි හමුදා කඳවුර කෙන්යාවේ බ්‍රිතාන්‍ය හමුදා පුහුණු ඒකකය (British Army Training Unit Kenya: BATUK) විසින් පිහිටුවා ඇත.

ඒ කෙන්යාව සමඟ එළඹි ගිවිසුමකට ප්‍රකාරව වන අතර, උණුසුම් හා රළු භූමි වල හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා මෙම කඳවුර යොදා ගන්නා බවට වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි