×

අද සිට ඕස්ට්‍රෙලියාවේ ගබ්සාව නීත්‍යනුකූලයි

.


අද සිට ඕස්ට්‍රේලියාවේ සියළු ප්‍රාන්තයන්හී ගබ්සාව තව දුරටත් අපරාධයක් නොවේ. මින් පෙර එරට ප්‍රාන්ත කිහිපයක් තුළ පමණක් ගබ්සාව නීත්‍යනුකූල වූ අතර අද නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙහිද ගබ්සාව නීත්‍යනුකූල බවට නීති සම්මත විමත් සමග සමස්ථ ඕස්ට්‍රේලියාවේම තවදුරටත් ගබ්සාව නීති විරෝධී නොවේ.

මේත් සමග වසර 119ක කාලයක් තුළ ගබ්සාව සම්බන්ධයෙන් ඕට්‍රේලියාව තුළ වූ නීතිය වෙනස් විය.
මින් පෙර නිවු සවුත්වේල්ස් හී ගබ්සාව සදහා අවස්ථාව ලැබුණේ වෛද්‍යවරයෙකු විසින් අවධානමක් පවතින බව සනාථ කිරීමෙන් පසුවයි.

මේ අනුව සති 22ක් වන තුරු ගර්භණී කාන්තාවකට සිය දරුවා ගබ්සා තිරීම නීති විරෝධී නොවේ. සති 22 ක ඉක්මවූ ගර්භණී කාන්තාවක් නම් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අනුමැතිය ඇතිව ගබ්සාව සිදු කර කළ හැකි වේ.

A group of pro-life supporters hold placards including "choose life"

මෙම නීතිය සම්මත කිරීමත් සමග ඊට පක්ෂ මෙන්ම විපක්ෂවද විරෝධතා එල්ල වූ අතර ඔවුන් විසින් දරන විවිධ විශ්වාසයන් සහ ඇදහිලි මුල් කරගනිමින් ඊට විරෝධතා දක්වනු ලැබීය.

මෙතෙක් ගබ්සාව නීති විරෝධී බවට පැවති නීතියේදී ගබ්සාව සිදු කරන වෛද්‍යවරයා සහ ඊට යොමුවන කාන්තාවන් සදහා වසර දහයක සිරදඩුවමක් නියම විය.
ඕස්ට්‍රෙලියානු කාන්තාවගේ අයිතිවාසිකම් සම්බන්ධව ඉදිරිගාමී තීරණයක් ලෙස මීට පක්ෂ මතධාරීන්ගේ අදහසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි