×

ලොව ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාවෙන් සමාජමාධ්‍ය අන්තර්ගතයට, දඩුවම් දිය හැකි නීතියක්!

නීතිය හදුනා දීම සදහා ඕස්ට්‍රෙලියානු පාලක පක්ෂය මෙන්ම විරුද්ධ පක්ෂය දෙපිරිසම සිය අනුමැතිය ලබා දීම විශේෂත්වයක් විය.


සමාජ මාධ්‍ය අන්තර්ගතය සම්බන්ධයෙන් ඔස්ට්‍රෙලිය්ව ලොව ප්‍රථම වතාවට නීති සම්පාදනය කර ඇත. විශේෂයෙන්ම ප්‍රචණ්ඩකාරී සිදුවීම් අන්තර්ගත වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නන්ට මෙම නීතිය අනුව දඩුවම් ලැබෙනු ඇත.

මීට එරෙහිව තොරතුරු තාක්ෂණ ආයතන , මාධ්‍ය ආයතන සහ නීති විශේෂඥයින්ගේ විරෝධතාවන් එල්ල වුවද ඔස්ට්‍රේලියානු පාලනය විසින් මෙම නීතිය හදුන්වා දෙන ලදී.

නීතිය හදුනා දීම සදහා ඕස්ට්‍රෙලියානු පාලක පක්ෂය මෙන්ම විරුද්ධ පක්ෂය දෙපිරිසම සිය අනුමැතිය ලබා දීම විශේෂත්වයක් විය.

ඕස්ට්‍රෙලියාව හදුන්වා දෙන පරිදි මෙය ලෝකයේ ප්‍රථම වතාවට මෙවැනි නීතියක් හදුන්වා දුන් අවස්ථාව වන්නේය. පසුගියදා නවසිලන්තයේ ක්‍රයිස්චර්ච් හීදී සිදු වූ සමූල ඝාතනයෙන් පසු එරට රජය මෙම තීරණය ගන්නා ලදී. එහිදී සජීවීව අපරාධය ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය කරන ලදී.

එහිදී ඔස්ට්‍රේලියාව පවසා සිටියේ අන්තර්ජාල මාධ්‍ය අවි නොදැරිය යුතු බවයි.
මෙවැනි අපරාධ වීඩියෝ කිසිදු අයුරකින් ෆේස්බුක්, ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම රූපවාහිනියෙන්ද විකාශය කළහොත් දඩුවම් ලබා දීම මෙම නීතිය මගින් සිදු කෙරෙනු ඇත.
මෙහිදී අදාල සමාජ මාධ්‍ය ආයතනයන්ගේ වගකීම අභිබවා සමාජ මාධ්‍ය පරිශීලකයන් වෙත අවධානය යොමු කරන අතර දඩුවම් ලැබෙන්නේ ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන් අඩංගු වීඩියෝ බෙදා හරින පරිශිලකයන් හෝ කණ්ඩායම් වෙතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි