×

කොවිඩ්-19 : ඕස්ට්‍රේලියාවෙන් සුබ ආරංචියක්

මෙහි ප්‍රථිඵල සාර්ථක කර ගන්නට නම් හා අඩු කාලයක් තුළ ප්‍රථිපල ලබා ගන්නට නම් එහෙත් ගෝලීය සහයෝගීතාවයේ මට්ටම ඉතා වැදගත් වනු ඇත.


ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සිය  කොරෝනා වෛරසය සදහා සාර්ථක එන්නත් දෙකක් අත්හදා බැලීම ආරම්භ කර ඇති බව බී බී සී පුවත් සේවය අද අනාවරණය කරන ලදී, සාමාන්‍ය එන්නතක් ප්‍රායෝගිකව භාවිතය සදහා වසර දෙකක කාලයක් ගත වුවද මෙම එන්නත මාස කිහිපයක් තුළ භාවිතා කළ හැකි වෙනු ඇතැයි අනාවැකි පළ කර ඇත.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ එක්සත් ජනපද සමාගමක් වන ඉනෝවියෝ ෆාමසියුටිකල්ස් සමාගම හා අනුබද්ධව ඔස්ට්‍රෙලියානු ජාතික විද්‍යා ඒජන්සිය මෙම එන්නත හදුන්වා දීමට කටයුතු කරමින් මිනිසාට මෙන් sars-CoV-2 වෛරසය වැළදුන ferrets, සත්වයින් යොදා ගනිමින් ඒ සදහා අවශ්‍ය පර්යේෂණ කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.

“සාමාන්‍යයෙන් මෙම කාරණයට ලඟා වීමට වසර 1 සිට 2 දක්වා කාලයක් ගත වන අතර ඇත්ත වශයෙන්ම අපි එය මාස දෙකක කාලයක් දක්වා කෙටි කර ඇත්තෙමු” යනුවෙන් CSIRO හි ආචාර්ය රොබ් ග්‍රෙන්ෆෙල් බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එක්සත් ජනපද සමාගමක් වන ඉනෝවියෝ ෆාමසියුටිකල් විසින් නිපදවන ලද මෙම එන්නත්, ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සිය විසින් එන්නත් වල ක්‍රියාකාරීත්වය සහ ඒවා මිනිසුන්ට ආරක්ෂිතද යන්න තක්සේරු කරනු ඇත.

මේ වන විට වෛරසයට එරෙහි එන්නත් නිපදවීම සම්බන්ධව ලෝකයේ අවධානය වැඩි වැඩියෙන් යොමු වුවද  ඕස්ට්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානය (CSIRO) පවසන්නේ එහි පරීක්ෂණ සත්ව ආකෘතියක් භාවිතා කරමින් එන්නත් පිළිබඳ කරන පළමු පූර්ව සායනික අත්හදා බැලීම් මෙය බවයි.

පසුගිය මාසයේදී එක්සත් ජනපදය විසින්ද , විභව එන්නතක් පිළිබඳ මිනිස් අත්හදා බැලීමක් ඉදිරියට ගියද සත්ව පරීක්ෂණ අවධිය මඟ හැර තිබුණි..ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පවසන්නේ එළැඹෙන ජූනි මාසයේදී මෙම එන්නත සාර්ථකව භාවිතා කිරීම අරමුණ බවත් සායනික අත්හදා බැලීම්වලට යාමට පෙර බාධාවන් රැසක් පැමිණිය හැකි බවයි.

කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ මේ සම්බන්ධව සුභවාදී වන අතර මේ වන විට කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ලෝක විද්‍යාඥයින් අතර සහයෝගීතාවයේ මට්ටම පිළිබද සතුටට පත් විය හැකි බවයි.

මෙහි අවසන් ප්‍රථිපලය කරා ළගා විය හැක්කේ කවදාද?

එන්නත සත්ව ආකෘති මත කෙරෙන පර්යේෂණ එළැඹෙන ජූනි මස මුලදී හෙළි කළ හැකි බව විද්‍යාඥයින්ගේ මතයයි. එය සාර්ථක වුවහොත් එය  සායනික අත්හදා බැලීම් වලට යොමු කළ හැකි වනු ඇත. එම අවස්ථාවේදී එන්ත ඖෂධ සමාගම් සහ සාමාන්‍ය වෙද පළට යොමු කිරීමේ තරගය වේගවත් කළ හැකි වේ. නමුත් විශේෂඥයින් අනතුරු අගවමින් කියා සිටින්නේ ඔෂධය සදහා නියාමන පරීක්ෂණ සහ ප්‍රමිතීන් සපුරාලීම සදහා අවම වශයෙන් මාස 18කවත් කාලයක් ගත වනු ඇති බවයි.

උදාහරණයක් වශයෙන් ඇමරිකානු ඖෂධ නියාමනයන් සමග එකග වීමටනම් එන්නත වෙනත් විද්‍යාගාරයක් තුළ නැවතත් වෙනත් සත්වයෙකු යොදා ගනිමින් පර්යේෂණ කරනු ලැබිය යුතුය.
ඒ අනුව මෙහි ප්‍රථිඵල සාර්ථක කර ගන්නට නම් හා අඩු කාලයක් තුළ ප්‍රථිපල ලබා ගන්නට නම් එහෙත් ගෝලීය සහයෝගීතාවයේ මට්ටම ඉතා වැදගත් වනු ඇත.

මේ පිළිබද අදහස් දක්වමින් වෛද්‍ය  ග්‍රෙන්ෆෙල් පවසන්නේ
“මෙය ඇත්ත වශයෙන්ම සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා ශාස්ත්‍රීය, රාජ්‍ය හා පෞද්ගලික යන සියළු අංශයන්හි සැබෑ සහයෝගීතාවයය අවශ්‍ය බවයි.”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි