×

Baby Reindeer හි මාර්තා චරිතයට පදනම් වූ කත ඊට එරෙහිව අපහාස නඩු දමයි!

සටහන – පුන්සරා ලියනගේ ජූනි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජනප්‍රිය Netflix කතා මාලාවක් වූ Baby Reindeer හි මාර්තා චරිතයට ආභාෂය ලබා දුන් බව කියන ස්කොට්ලන්ත කාන්තාවක් අපහාස කිරීම්, නොසැලකිලිමත්කම සහ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ප්‍රවාහකයාට එරෙහිව නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ෆියෝනා හාවි යන මැය මාර්තා චරිතයට පදනම් වූ කාන්තාව ලෙස තමන්ව […]


සටහන – පුන්සරා ලියනගේ

ජූනි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජනප්‍රිය Netflix කතා මාලාවක් වූ Baby Reindeer හි මාර්තා චරිතයට ආභාෂය ලබා දුන් බව කියන ස්කොට්ලන්ත කාන්තාවක් අපහාස කිරීම්, නොසැලකිලිමත්කම සහ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ප්‍රවාහකයාට එරෙහිව නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆියෝනා හාවි යන මැය මාර්තා චරිතයට පදනම් වූ කාන්තාව ලෙස තමන්ව හඳුනාගෙන ඇති අතර Netflix විසින් ලොව පුරා මිලියන 50 කට අධික නරඹන්නන් හට ඇය ගැන “ම්ලේච්ඡ බොරු” පැවසූ බවට තර්ක කළාය.

කැලිෆෝනියා උසාවියක ගොනු කරන ලද මෙම නඩුවෙන් හාවි මහත්මිය ඩොලර් මිලියන 170 ක් (පවුම් මිලියන 132 ක්) පමණ වන්දි මුදලක් ඉල්ලා ඇත.

ඇය කියා සිටින්නේ Baby Reindeer කතා මාලාව තුළ ඇය වැරදි ලෙස හංවඩු ගසා ඇති බවයි.

මෙම කතා මාලාවෙහි නිර්මාතෘ ස්කොට්ලන්ත විකට නළුවෙකු වන රිචඩ් ගැඩ් මහතා මෙම කතා මාලාව ලිව්වේ ඔහු සේවය කළ පබ් එකේදී ඔහුට මුණගැසුණු කාන්තාවක් විසින් ඔහු හට එල්ල වූ අභියෝගාත්මක සිදුවීම් සම්බන්ධයෙන් ඔහුගේ යැයි කියන අත්දැකීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි