×

සුපිරි වෙළඳසැල් කෙසෙල් කොළවලට මාරු වෙයි.

තායිලන්තයේ සුපිරි වෙළඳසැල්, ප්ලාස්ටික් හෝ පොලිතීන් පැකේජිං වෙනුවට කෙසෙල් කොළවලට මාරු වෙමින් යන බව මේ දිනවල අන්තර්ජාලය පුරාම පළවන පුවත්වලින් තහවුරු වෙනවා.


Rimping Supermarket නමැති චියැන්මායි නුවර පිහිටා තිබෙන මේ සුපිරි වෙළඳසැල අතිශයින්ම ආකර්ෂණීය විදිහට මේ සත්කාර්යයට දායක වෙමින් සිටිනවා.

ඇත්තෙන්ම මෙය ඉතාම පරිසර හිතකාමී පියවරක්.

ලොව පුරා බොහෝ රටවල් දැන් පොලිතීන් භාවිතයෙන් ඉවත් වෙමින් යනවා.

තායිලන්තය විතරක් නෙවෙයි, මාලදිවයින තුළත් මේ ක්‍රමය දැන් ඉතාම ජනප්‍රියයි. ලංකාවටත් මේ ක්‍රමය ඉස්තරම්.

තායිලන්තය, මාලදිවයින, ඉන්දියාව, ශ්‍රී ලංකාව වගේ රටවල ඕනෑ තරම් කෙසෙල් ගස් වැවෙනවා. බොහෝ විට කෙසෙල් කැන කපා ගත්පසුව ගසෙන් වැඩක් නැහැ. එය මරා දැමෙනවා. ඒ වෙනුවට මේ වගේ දෙයක් වෙනුවෙන් මේ කෙසෙල් පත්‍ර යොදාගන්න පුළුවන් නම් එයින් පරිසරයට වගේම කෙසෙල් ගොවීන්ගේ පසුම්බියටත් විශාල මෙහෙයක් සිදු වේවි.

මේ දවස්වල මාල දිවයිනේත් දින 100 වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ප්ලාස්ටික් භාවිතය හැකි තාක් සීමා කිරීම ඒ නව ආණ්ඩුවේ එක ප්‍රතිඥාවක්. මේ වන විටත් මේ පරිසර හිතකාමී ප්‍රතිඥාව පල දරමින් තිබෙන බව පෙනෙනවා. ඒ අනුව මාලදිවයිනේ හෝටල් ආදියේ ප්ලාස්ටික් බීම බෝතල වෙනුවට වීදුරු බීම බෝතල භාවිතා කරන්නට පටන් අරන්.

දැන් කෙසෙල් කොළ කතාවට ආපහු හැරුණොත් මෙහිදී කරන්නෙ අදාළ එළවළු හෝ පළතුරු කෙසෙල් කොළයකින් ඔතා, රිබන් පටියකින් ගැටගැසීම. ඉතින් අපට ඕනෙ නම් කෘත්‍රිම රිබන් පටියක් වෙනුවට කෙසෙල් පට්ටයකින්ම මේ වැඩේ සම්පූර්ණ කර ගන්න පුළුවන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි