×

කාන්තා අයිතිය වෙනුවෙන් බංගලාදේශයේ මනාලියක් මනාලයාගේ ගෙදරට ගොස් ඔහුව කැන්දාගෙන එයි

දකුණු ආසියාතික රටක් වූ බංග්ලාදේශයේ සාමාන්‍ය විවාහ චාරිත්‍රය වූයේ මනාලයා විසින් මනාලියගේ නිවසට ගොස් ඇයව සිය නිවසට කැදවාගෙන ඒමය.


19 හැවිරිදි කඩීෂා අක්තර් කුෂී බංග්ලාදේශ තරුණියකි. සිය විවාහ දිනය කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඇයට පෙනී සිටීමට සුදුසුම දිනය ලෙස සැළකූ කුෂී, වසර සිය ගණනක් ඉපැරණි සිරිත් බිදිමින් සිය මනාලයාගේ ගෙදරට ගොස් ඔහුව සිය නිවසට කැදවාගෙන එන්නට කටයුතු කළාය.

ඒ අසල්වැසියන් සියල්ලෝම ඇයටත් ඇගේ සැමියාට සහ පවුලේ උදවියට අවමන් කරමින් පහර දෙන්නට පවා සූදානමින් සිටින පසුබිමකය.

දකුණු ආසියාතික රටක් වූ බංග්ලාදේශයේ සාමාන්‍ය විවාහ චාරිත්‍රය වූයේ මනාලයා විසින් මනාලියගේ නිවසට ගොස් ඇයව සිය නිවසට කැදවාගෙන ඒමය. බංග්ලාදේශයේ පමණක් නොව එය විශේෂයෙන්ම ආසියාතික රටවල සම්ප්‍රදාය වන්නේද එයයි. නමුත් කුෂී ගේ අදහස වන්නේ ” තරුණයෙක්ට හැකි නම් විවාහයේදී තරුණියක කැටුව යන්න තරුණියන්ට එසේ කරන්නට බැරි ඇයි යන්නයි.

ඇගේ සහ අගේ සැමියා වූ තාරික්ගේත් විවාහය පිළිබදව මේ වන විට බංග්ලාදේශය පුරා සමාජ මාධ්‍ය තුළ කථා බහ කරන්නට පටන්ගෙන ඇත.

මේ පිළිබදව විවිධ අදහස් පළවී ඇති අතර එක් පුද්ගලයෙකු පවසා තිබුනේ කුෂිට සහ තාරික්ට සෙරෙප්පුවෙන් පහර ගැසිය යුතු බවයි.

”සම්ප්‍රදාය ගැටලුවක් නොවේ ගැටළුව කාන්තාවගේ අයිතියයි. කාන්තාවට හැකිනම් ගිහින් තරුණයෙකු විවාහ කරගන්න කාටවත් ඉන් හානියක් වෙනවාද? .

කාන්තාවට එරෙහි ක්‍රියාකාරකම් සිදුවීම වෙනුවට මෙහිදී කාන්තාවට ආත්ම ගෞරවයක් ලැබේවි… කිසිවෙකු කිසිවෙකුට වඩා අඩු නොවෙයි.. ඇය සිය තීරණය පිළිබදව පවසන්නේ එයයි.

ඉස්ලාම් රටක් වන බංග්ලාදේශයේ සාම්ප්‍රදායන් කඩ කිරීම පිළිබදව තමන්ට එරෙහිව චෝදනා එල්ල වන බව දැන දැනමය.

සිය විවාහ දිනයේදී ගම් වැසියන් තමන්ට විරුද්ධව කළ කෝලහල කළ බව ඔවුහු පවසති. අනික් අය සිතන දෙය ප්‍රශ්නයක් නොව .. සෑම දෙනෙක්ම තමන්ගේ මතය අනුව කටයුතු කරනවා.

කෙසේ වෙතත් බංග්ලාදේශයේ ඇතැම් පිරිස් පවසා ඇත්තේ මෙය අශෝභන ක්‍රියාවක් බවයි. පුරුෂයෙකු සිය බිරිද කැදවාගෙන පැමිණිය යුතුවීම අනිවාර්යක් බව ඔවුහු සිතති. කෙසේ වෙතත් තවත් පිරිසකට අනුව කුෂී ගේ මෙම ක්‍රියාව නිර්භීත ක්‍රියාවකි. කාන්තා අයිතීන් මෙන්ම සිත්‍රී පුරුෂ සමානාත්ම තාව වෙනුවෙන් පසුගිය දශක කිහිපය තුළ වෙනස්කම් කිහිපයක් සිදු වූ රාජ්‍යයක් ලෙස බංග්ලාදේශය හැදින්විය හැකිවෙයි. ඒ අනුව ලෝක ආර්ථික සම්මේලලනයට අනුව දකුණු ආසියාවේ ස්ත්‍රී පුරුෂ සාමානාත්මතාව ඇතිකිරීමෙහි ලා තීරණාත්මක පියවරයන් ගත් රාජ්‍යයන් අතරෙ ඉදිරියේ සිටින රටක් ලෙස බංග්ලාදේශය හදුන්වා ඇත. පසුගියදා විවාහයේදී ස්ත්‍රිය කන්‍යාවක්ද යන්න විවාහ ගිවිසුම්පතේ සටහන් කිරීමේ අනිවාර්ය රීතියද එරට අධිකරණය විසින් ඉවත් කරන ලදී,

එසේ වුවත් කාන්තාවන්ට එරෙහා තාඩන පීඩන ඉහළ රජ්‍යයක් ලෙසද සිදුවීම් රැසක් වාර්ථාවිය. පසුගියදා 19 හැවිරිදි සිසුවියක් ගිනි තබා මර දැමීම ඉන් එක් ලක්ෂණයකි. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ බංග්ලාදේශයේ විවාහක කාන්තාවන් තුනෙන් දෙකක් විවාහයෙන් පසු ගෘහස්ථ පීඩනයට ලක් වන බවයි.
එවැනි පසුබිමක් වෙනස් කිරීම සදහා කාන්තාවට ආත්ම ශක්තියෙන් යුතුව සිය විවාහ ජීවිතයට මුහුණ දීමට කඩීෂා කුෂි සහ තාරික් විසින් ගත් පියවර පැසසුම් සහගතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි