×

52 ක් මරා දැමූ බංග්ලාදේශයේ කම්හල් ගින්න : කම්හල් හිමිකරුට මිනීමැරුම් චෝදනා

පසුගිය බ්‍රහස්පතින්දා හටගත් බංග්ලාදේශයේ කර්මාන්තශාලාවක් ගිනි ගැනීමේ සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 52 දක්වා ඉහළ යද්දී, කම්හලේ හිමිකරු මිනීමැරුම් චෝදනාව සඳහා අත්අඩංගුවට ගෙන තිබේ.


‘‘මෙය හිතාමතාම සිදුකළ මනුෂ්‍ය ඝාතනයන්‘‘ යැයි පොලිස් ප්‍රධානියා අල් ජසීරා පුවත් සේවය අමතා පැවසුවේය.

පුරා දිනයකටත් වඩා ඇවිළී ගිය මෙම ගින්නෙන් මිය ගිය අය අතර, බාලවයස්කාර, අවුරුදු 11ක පමණ දරුවෙකු ද සිටියි. 14 හැවිරිදි දරුවන් දෙදෙනෙක් දිවි ගළවා ගැනීමට සමත් වී සිටිති.

කම්හල් හිමිකරුගේ පුතුන් දෙදෙනා ද ගිනි ගැනීමෙන් පසුව කම්හලෙන් පිට වීමට නොහැකිව එතුළ සිර වී සිටි බව සඳහන් ය.

ඩකා නුවරට කිලෝමීටර 25 ක් පමණ දුරින් පිහිටි රුප්ගන්ජ් නමැති කාර්මික නගරයේ පිහිටා තිබූ ආහාර පාන නිෂ්පාදනය කරන කම්හලක් (Hashem Food and Beverage factory) මෙසේ ගිනිගැනීමට ලක් විය.

එතුළ අතිශයින් ගිනි ගන්නා සුළු රසායන ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් විශාල ප්‍රමාණවලින් ගබඩා කර තිබූ බව ද වාර්තා වේ.

මේ දක්වා සොයාගෙන තිබෙන්නේ මළ සිරුරු 49 ක් පමණි. ගළවා ගැනීමේ මෙයෙහුම් ද මේ වන විට අවසන් ව ඇත.

2013 වසරේදී පුද්ගලයන් 1,100 දෙනෙකුට මරු කැඳවූ රානා ප්ලාසා නමැති, තට්ටු 9 ක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පසු බංග්ලාදේශය කාර්මික ආරක්ෂාව වෙනුවෙන් නව නීති සහ ප්‍රමිතීන් හඳුන්වා දෙන බව පැවසුවත් එය මේ දක්වා ඉටු වී නැත.

2019 පෙබරවාරි මාසයේදී ද නීති විරෝධී ලෙස රසායන ද්‍රව්‍ය ගබඩා කර තිබූ තට්ටු නිවාසයක් ගින්නට හසු වීම නිසා පුද්ගලයන් 70 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් වූහ.

බංග්ලාදේශය පේෂ කර්මාන්තයේ දියුණුවත් සමග මේ වන විට දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණු වන සහ කාර්මීකරණය වන රට වශයෙන් සැලකේ.

Unidentified relatives of the victims mourn at the site after a fire broke out at a factory named Hashem Foods Ltd. in Rupganj of Narayanganj district, on the outskirts of Dhaka, Bangladesh, July 9, 2021. REUTERS/Mohammad Ponir Hossain TPX IMAGES OF THE DAY

TOPSHOT – A garments worker walks past the burnt factory after a fire was put out in Rupganj on July 10, 2021. (Photo by Munir Uz zaman / AFP)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි