×

බංග්ලාදේශයේ රෝහින්ග්‍යා කඳවුරු අඟුළු දැමෙයි:

මේ වන විට කඳවුරුවල කිසිදු කොරෝනා ආසාදිත සිද්ධියක් සනාථ වී නැත, නමුත් එක් ආසාදිතයකු හෝ වාර්තා වුවහොත් දුර්වල වෛද්‍ය පහසුකම් හේතුවෙන් එය විශාල හානියක් සිදු කරනු ඇතැයි වෛද්‍යායතන පවසා ඇත.


කොරොනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා බංග්ලාදේශ රජය විසින් මියන්මාරයෙන් පලා යන මිලියනයකට අධික රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ සරණාගත කඳවුරු පිහිටි දකුණු දිස්ත්‍රික්කයකට අගුලු දැමීමට තීරණය කර ඇත. බලධාරීන් පැවසුවේ කොක්ස් බසාර් දිස්ත්‍රික්කයට ඇතුළු වීමට හෝ පිටවීමට කිසිවෙකුට අවසර නොමැති බවයි.

කොක්ස් බසාර් දිස්ත‍්‍රික් ප‍්‍රධානී කමල් හුසේන් බදාදා ප‍්‍රකාශයට පත් කළේ සමස්තයක් වශයෙන් රට තුළ රෝගීන් වැඩිවීමත් සමඟ ය. පසුගිය දින පහ තුළ බංග්ලාදේශයේ ආසාදන සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී ඇති අතර 20 දෙනෙකු මියගොස් තිබේ.

“කොක්ස් බසාර් දිස්ත්‍රික්කයෙන් ඇතුළුවීම සහ පිටවීම මෙතැන් සිට තහනම්” යැයි හුසේන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නියෝගය උල්ලංඝනය කරන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෑතකදී මෙරටට පැමිණි ඕනෑම කෙනෙකුට කඳවුරුවලට යාමට පෙර නිරෝධායනයට යා යුතු බවද ඔහු පැවසීය.

මේ වන විට කඳවුරුවල කිසිදු කොරෝනා ආසාදිත සිද්ධියක් සනාථ වී නැත, නමුත් එක් ආසාදිතයකු හෝ වාර්තා වුවහොත් දුර්වල වෛද්‍ය පහසුකම් හේතුවෙන් එය විශාල හානියක් සිදු කරනු ඇතැයි වෛද්‍යායතන පවසා ඇත.

2017 දී අසල්වැසි ප්‍රාන්තයේ මිලිටරි මර්දනයකින් පසු බොහෝ සරණාගතයින් මෙම කොක්ස් බසාර්හී කඳවුරුවලට පැමිණියහ. 750,000 කට ආසන්න පිරිසක් දේශ සීමාව පසුකරමින් දැනටමත් එහි වාසය කරන ලක්ෂ සංඛ්‍යාත සරණාගතයින් සමඟ එක් වූහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි