×

බංග්ලාදේශයේ අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ජනතාව වීදි බහියි!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ලක්ෂයකට අධික ජනතාවක් විරෝධතාවයක නිරත වෙමින් බංග්ලාදේශයේ අගමැති Sheikh Hasina ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිදහස් හා සාධාරණ ඡන්දයකට ඉඩ දීම සඳහා අගමැති Sheikh Hasina ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන් පවසා සිටින අතර, එරට ප්‍රධාන විරුද්ධ පක්ෂ දෙකක් වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය […]


සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලක්ෂයකට අධික ජනතාවක් විරෝධතාවයක නිරත වෙමින් බංග්ලාදේශයේ අගමැති Sheikh Hasina ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිදහස් හා සාධාරණ ඡන්දයකට ඉඩ දීම සඳහා අගමැති Sheikh Hasina ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන් පවසා සිටින අතර, එරට ප්‍රධාන විරුද්ධ පක්ෂ දෙකක් වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) සහ විශාලතම ඉස්ලාමීය පක්ෂය වන ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ ආධාරකරුවන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඩකා නුවරට රැස්ව මෙලෙස විරෝධතාවයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

වත්මන් අගමැතිනිය වසර 15ක් බලයේ සිටින බවත්, ඇයගේ රජයට දූෂණ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවද සඳහන්,

විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ, ප්‍රචණ්ඩත්වය වැලැක්වීම සඳහා අවම වශයෙන් පොලිසිය 10,000 ක් යොදවා ඇති අතර , විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාරද එල්ල කර ඇති බවයි .



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි