×

ලිලී මල් පුබුදුවන පතනශීල වසන්තය – BBC Planet Earth

ලෝක ප්‍රකට BBC Planet Earth කතාමාලා‍‍වේ තවත් කතාංගයක සිංහල පරිවර්තනය


ක්‍රමයෙන් මුළු පතනශීල වනාන්තරයටම දිගු ශීතල ශීත සෘතුව ආයුබෝවන් කියයි. බලා සිටියදී හිම දිය වෙයි.

ThingLink
ThingLink | පතනශීල වනයේ ඇස් අරින ලිලී මල්

පතනශීල වනාන්තරයක වසන්ත සෘතුව අතිවිශේෂ සුන්දරත්වයකින් හෙබි ය. ලිලී මල් පිබිදෙයි. තෘනපත්වල හිසට ඉහළින් කොහෙත්ම වන වැස්මක් නැති නිසා, වනයේ පොළොව කෙළින්ම හිරු කිරණවලට නිරාවරණය වෙයි. එවිට තෘණ ශාක මොටෙයියන් හිරු කිරණවල හාදුවෙන් පිබිදෙන්නට පටන් ගනියි. මීවන දිග හැරෙයි. බිම් ස්ථරයේ වැවෙන ඒවා ඒ සඳහා පුදුමාකාර හදිසියකින් පෙළෙනවාක් වැන්න. එය ඉතා සාධාරණ හදිසියක් ද වේ මන්ද, දිගු කලක් යන්නට පෙර, ඉහළ ස්ථරයේ ශාක වැවී පැතිරෙනු ඇත. එවිට එම ශාක පත්‍ර විසින් සොරාගනු ලබන්නේ බිම් ශාකවලට වැටෙන හිරු එළියයි.

වැඩිකල් නොගොස් ඒවායේ මල් ද පිපෙන්නට පටන් ගනියි. ක්‍රමයෙන් වනපෙතේ පොළොවේ මල් ගැවසෙයි. එම මලින් වෑහෙන පැණි, කෘමීන් ට රොන් ගෙනයන්නැයි ඇරයුම් කරයි.

Rebel Walls
වසන්ත සෘතුවේ ගනැති යටිරෝපණය (Rebel Walls)

පතනශීලී වනාන්තරයක වසන්ත සෘතුවේ යටිරෝපණය සුන්දර චිත්‍රයක් වැන්න. එවැන්නක් ඝර්ම කලාපීය වනාන්තරයක හෝ මහා කේතුධර වනාන්තරයක කිසිවිට දැකගත නොහේ.

නමුත් මේ සුන්දරත්වය පවතින්නේ මද කාලයකි. සති කිහිපයක ඇවෑමෙන් යටි රෝපණය, අඹරාව හෙවත් තුරුවියනෙන් වැසී යයි. ඒ අඹරාව සිදුරු කිරීමට සමත් වනුයේ ආලෝක කිරණ කිහිපයක් පමණි.

ThoughtCo
අඹරාව පසාරු කරගෙන ඉර මල ඇහැරෙයි… (ThoughtCo)

මේ අතර, හිරු රැස් වෙතට ම හැරුණු උසැති තුරු මුදුන්වල පිහිටන පුළුල් පත්‍රවල පෘෂ්ටඵලය ක්‍රමයෙන් උපරිමයක් දක්වා වැඩිවෙයි. හැකිතරම් ප්‍රභාසංස්ලේෂණ ක්ෂේත්‍රඵලය වැඩිකරගෙන උපරිම ආහාර ප්‍රමාණයක් නිපදවා ගබඩා කර නොගතහොත් එළඹෙන ගිම්හානයේදී තමන් අසරණ වන බව එම තුරු දැනසිටියාක් මෙනි. ඉන්පසු මාස කිහිපයක් ඇතුළත නැවතත් සියල්ල වෙනස් වෙයි. දිවා කාලය කෙටි වෙයි. දැන් තුරු නැවතත්, සිය පත්‍ර හළා දමා, ඉදිරියේ එළඹෙන දිගු ශීත කාලය සඳහා සූදානම් විය යුතු වේ.

biologydictionary.net
ගිම්හානය පෙනෙන දුරින්… (biologydictionary.net)

මෙම කතාංගයට අයත් වීඩියෝව පහත දැක්වේ..

පෙර කොටස් සියල්ල මෙතැනින් කියවන්න…
https://outboundtoday.com/?s=bbc+planet+earth



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි