×

ඉතිහාසයේ ශිත තම දෙසැම්බරය චීනයට උදාවේ

දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම හේතුවෙන් චීනය මෙවන් කාලගුණික තත්වයකට මුහුණ දී ඇති බවයි විද්යාඥයන් සඳහන් කරන්නේ,


වසර 30කට පෙර වාර්තා අලුත් කරමින් චීනයට ශිතතම දෙසැම්බරයට මුහුණ දී ඇති බව චයිනා ඩේලි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ,

මේ වන විට නගරයේ උෂ්ණත්වය 10C ට වඩා පහත වැටී ඇති අතර මෙම ශීත කාලගුණය චීනය පුරා පළාත්වලට බලපා ඇති අතර සමහර ප්‍රදේශවල පාසල් වසා දැමීමට සහ ප්‍රවාහන සේවා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවී තිබේ.

නොනවතින සීතල කාලගුණය හේතුවෙන් හෙනාන් පළාතේ බලශක්ති සැපයුම අඩාල වී ඇති අතර සමහර තාපන බොයිලේරු කැඩී ගොස් ඇති බව ද වාර්තා වේ.

දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම හේතුවෙන් චීනය මෙවන් කාලගුණික තත්වයකට මුහුණ දී ඇති බවයි විද්යාඥයන් සඳහන් කරන්නේ,

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි