×

විනාශයට, සංහාරයට රුසියාවට බොක්කෙන්ම සපෝට් බෙලරුසය!

න්‍යෂ්ඨික අවි විගඩමේ අලුත්ම තැරැව්කාරයා බෙලරුසය..


රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සමඟාමීව එකී සන්නද්ධ අරගලයේ රුසියාවේ පාර්ශවයට සහාය පළකළ රාජ්‍ය අතර ප්‍රමුඛතම රාජ්‍යයක් වන්නේ අසල්වාසී බෙලරුසයයි.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට බෙලරුසයේ ජනාධිපති ඇලෙක්සැන්ඩ්ර් ලුකාෂෙන්කෝ ඊයේ (26) දින මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ න්‍යෂ්ඨික අවි රැගෙන යාම සඳහා සිය රටේ ගුවන් යානා සූදානම් කර තිබෙන බවයි.

ඒ අනුව, න්‍යෂ්ඨික අවි රැගෙන යාමට SU-24 වර්ගයේ ප්‍රහාරක යානා බෙලරුසය විසින් සූදානම් කර ඇති බව එරට ජනාධිපතිවරයා තහවුරු කර තිබේ.

මෙහිදී මෙම ප්‍රහාරක යානාවල සැකැස්ම න්‍යෂ්ඨික අවි රැගෙන යාම සඳහා ප්‍රතිසංස්කරණය කර ඇති බව ද වාර්තා වේ.

බෙලරුසයේ න්‍යෂ්ඨික අවි නිපදවීමක් සිදු නොවුනද, රුසියාවට මිත්‍ර රාජ්‍යයක් වශයෙන් එරට යුධ කටයුතු සඳහා බෙලරුසයේ භූමිය සපයා දීමට එරට රජය එකඟතාව පළ කර තිබේ.

ඉහත යාත්‍රා සූදානම් කිරීම රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් සමඟ සිදුකර ගත් එකඟතාවයකට අනුව සිදුවනු ඇත.

මේ අනුව පුටින් – සෙලෙන්ස්කි යුධ උමතුවේ සහ ලෝක විනාශයක පෙරනිමිති සිහිපත්කරන න්‍යෂ්ඨික අවි විගඩමේ නවතම පාර්ශවකරු බවට බෙලරුසය පත්ව ඇති බව පෙනේ.

ඡායාරූප: රොයිටර්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි