×

චීනය BRI හි 10 වැනි සංවත්සරය සැමරීමට සුදානමින්

BRI යනු රටවල් 150 කට වැඩි ප්‍රමාණයක සහ ජාත්‍යන්තර සංවිධානවල ආයෝජනය කිරීමට චීන රජය විසින් 2013 දී අනුගමනය කරන ලද ගෝලීය යටිතල පහසුකම් සංවර්ධන උපාය මාර්ගික වැඩසටහනක් වේ.


චීන ජනධිපති ෂී ජින්පින්ගේ Belt and Road Initiative විදේශ ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන BRI හි 10 වැනි සංවත්සරය සැමරීමට ලොව නන් දෙසින් රාජ්‍ය නායකයන් පැමිණෙමින් සිටින බව චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව ව්ලැඩිමීර් පුටින්ගේ සිට තලේබාන්වරුන් දක්වා විශාල පරාසයක පැතිරුණු පිරිසක් මෙහි පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

BRI යනු රටවල් 150 කට වැඩි ප්‍රමාණයක සහ ජාත්‍යන්තර සංවිධානවල ආයෝජනය කිරීමට චීන රජය විසින් 2013 දී අනුගමනය කරන ලද ගෝලීය යටිතල පහසුකම් සංවර්ධන උපාය මාර්ගික වැඩසටහනක් වේ. BRI සමඟ සහභාගී වන රටවලට ලෝක ජනගහනයෙන් 75%ක් පමණ ඇතුළත් වන අතර ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරයි.

BRI ව්‍යාපෘතිය සේද මාවතේ ආර්ථික තීරය ලෙස හැඳින්වේන අතර මෙම ප්‍රතිපත්තියට ඇස්තමේන්තුගත $1tn (£ 820bn) වලින් බොහොමයක් බලාගාර සහ දුම්රිය මාර්ග වැනි බලශක්ති සහ ප්‍රවාහන ව්‍යාපෘති, යටිතල පහසුකම් ආයෝජන සඳහා වරාය, මාර්ග, පාලම්, ගුවන් තොටුපළ, වේලි, ගල් අඟුරු බලාගාර සහ දුම්රිය උමං මාර්ග ඉදි කිරීම ඇතුලත් වේ.

බීජිං මෙය ආර්ථික ජයග්‍රහණයක් ලෙස ප්‍රකාශ කළ අතර නය සහ BRI රටවල් අතර $19.1tn පමණ භාණ්ඩ වෙළඳාම් කර තිබේ. BRI හරහා බොහෝ අඩු හෝ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා මුල්ම ණය දෙන්නා බවට පත් වී ඇති චීනය, දැන් ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ණය දෙන්නා වේ.

සමහර විවේචකයින් චීනයට චෝදනා කරන්නේ දුප්පත් රටවල් මිල අධික ව්‍යාපෘති සඳහා අත්සන් කිරීම මගින් ණය උගුලක නිරත වන බවටයි. උදාහරණ ලෙස ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ සිට ලාඕසය සහ කෙන්යාව දක්වා රටවල් BRI ණය සමඟ පොරබදමින් සිටින අතර චීනය BRI ණය ප්‍රතිව්‍යුහගත කර ඇති අතර ණය අවලංගු කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි